ඔක්කමිපිටියේ දුර්ලභ ගණයේ ද්ත්ව රූප මුරගල
ඔක්කම්පිටිය, මාලිගාවිල පිළිමය, මාලිගාවිල බෝසත් පිළිමය, නිසා ඉමහත් ප්රසිද්ධියට පත් ප්රදේශයකි.
එසේම ඔක්කම්පිටියේ පිහිටි දෙමටමල් විහාරය කාවන්තිස්ස රාජ්යයය දක්වාම පැරණි විහාරස්ථානයකී. දෙමටමල් විහාරස්ථානය දුටුගැමුණු කුමාරයාට බියෙන් පැන ගිය සද්ධාතිස්ස කුමරු සැගව සිටි ස්ථානය යැයිද ඉතිහාය ගතයි.
දෙමටමල් විහාරස්ථානය එකල පංච වාසස්ථානයක්ව පැවැති බවට දැනට ඇති නටඹුන් සාක්ෂි දරයි.
දෙමටමල් විහාරස්ථානයේ එක්තරා නටඹුන්ව ගිය ගොඩනැගිල්ලකට ඇතුළු වන ද්වාරය ආසන්නයේ ඇති මුරගල විශේෂත්වයක් දරන්නකී. එයට හේතුව වන්නේ මුරගලෙහි නෙලා ඇති නාගරුව හා තවත් රූපයක් වශයෙන් රූප දෙකක් එකම මුර ගලෙහි කොටා තිබිමයි.
මෙම ද්ත්ව රූප මුරගල නෙලා ඇත්තේ මෙම ප්රදේශයේ ඇති හුණු ගල් විශේෂයකිනි. එසේම මෙම මුරගල නෙලා ඇත්තේ කාවන්තිස්ස රජුගේ අනින් බව පොත පතෙහි සදහන්ය.
මෙම ද්ත්ව රූප මුරගල නා රජෙකුගේ හා ස්ත්රියකගේ රූප වලින් සමන්විතයි. පෙණ 7 කින් යුතු උඩුකය නිරුවත් නා රජුගේ වම් අත ඉනෙහි තබාගෙන සිටින අතර දකුණු අත ස්ත්රියගේ ගෙල වටා යවා ඇත. එසේම ස්ත්රිය නා රජුට වඩා කොට නිසා නා රජු මදක් ස්ත්රිය දෙසට නැමි සිටියි. ස්ත්රියගේ දකුණු අත නා රජුගේ ඉන වටා අල්ලාගෙන සිටින විලාශයක් පෙන්නුම් කරයි. එසේම ස්ත්රියගේ වම් අත තම ඉනෙහි තබාගෙන සිටින්නීය නා රජුගේ කණෙහි ඇති ආභරණ දක්නට ලැබෙන අතර, ස්ත්රයගේ හා නා රජුගේ රූප වල සියුම් ලකුණු කාලයාගේ ඈවෑමෙන් මැකීගොස් ඇත.
මෙවැනි ද්ත්ව රූප සහිත මුරගලක් වෙනත් ස්ථානයක දක්නට නොමැති අතර මෙය උසස් දුර්ලභ ගණයේ කලා කෘතියකි.
විශේෂ ස්තුතිය නිශ්ශංක සංඝදාස මැතිතුමා
| ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ ඇති ද්ත්ව රූප මුරගල |
| ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ ඇති ද්ත්ව රූප මුරගල කොරවක් ගල සහිතව |
| ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ ඇති ද්ත්ව රූප මුරගල |
| ඔක්කම්පිටියේ, දෙමටමල් විහාරස්ථානයේ ඇති ද්ත්ව රූප මුරගල |
මෙම ස්ථාන වලට යන පාර විස්තර කල හැකිනම් තවත් පිං
ReplyDeleteඔව් ඔබගේ වටිනා අදහසට ස්තුතිවන්ත වෙමි. ඉදිරියේදී පලකරනු ලබන සියළුම තොරතුරු සදහා මාර්ග විස්තර ඇතුලත් කරන්නම්.
Delete