බණ්ඩාරවෙල අම්බලම - කහත්තේවල පුරාණ අම්බලම
බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ පාරේ වැලිමඩ දෙසට කිලෝ මිටර 1 1/2 පමණ ගිය විට කහත්තේවෙල හංදිය නොහොත් ශාන්ත තෝමස් හංදියට පැමිණිමට පෙර වම් අත පැත්තේ ඇති පංසල ඉවර වෙනවාත් සමගම ඔබට කහත්තේවෙල පුරාණ අම්බලම දිස්වේ. අද බිත්ති පමණක් ඉතිරිව තිබේනු දක්නට ලැබේ.
මීට දශක කිහිපයකට පමණ පෙර මෙම ගොඩනැගිල්ල නිරැපද්‍රිතව තිබුණු අතර දැන් ඉඩම් ආක්‍රමණිකයන් නිසා මෙසේ වටිනා ඓතිහාසික ගොඩනැගිල්ලක් මෙසේ විනාශ මුඛයට පත්වී ඇත. එසේම මෙම පුරාණ අම්බලම පිළිබදව කිසිම බළධාරියෙකුගේ අවධානයද මෙතෙක් යොමු වී ඇති බවක් ද පෙනෙන්නට නොමැත.
එසේම එම ඓතිහාසික කාලයේදි භාවිතයට ගැණුනු මෙම අම්බලම, අද කාලයේ ජිවත් වන අය අම්බලමක් යනු කුමක්දැයි නොදන්නා කාලයක සහ බණ්ඩාරවෙල අවට ජිවත් වන අය පවා කහත්තේවෙල අම්බලමක් තිබු බව ද නොදන්නා කාලයක. මෙම ඓතිහාසික ස්ථානය ආරක්ෂා කර ගැනිම අප කාගේත් යුතුකමකී.
මෙම ,කහත්තේවෙල පුරාණ අම්බලම අයත් වන්නේ හපුතලේ ප්‍රාදේශිය දල්කම් කොට්ඨාශයට වන අතර, පිහිටා ඇත්තේ කහත්තේවෙල 64A ග්‍රාම නිළධාරි කොටසේය. හපුතලේ ප්‍රාදේශිය කල්කම් කොට්ඨාශයට අයත් පෞරාණික වටිනාකමක් ඇති ආරක්ෂිත ස්ථානයක්ද වේ.
මෙම ,කහත්තේවෙල පුරාණ අම්බලම අයත් වන්නේ හපුතලේ ප්‍රාදේශිය දල්කම් කොට්ඨාශයට වන අතර, පිහිටා ඇත්තේ කහත්තේවෙල 64A ග්‍රාම නිළධාරි කොටසේය. හපුතලේ ප්‍රාදේශිය කල්කම් කොට්ඨාශයට අයත් පෞරාණික වටිනාකමක් ඇති ආරක්ෂිත ස්ථානයක්ද වේ.
*******************************************************************************
| 6 |

aiyo, it stand nicely untill last 10 years
ReplyDeleteunfortunately this was due to the development of the temple adjesnt to it, i konw it as a fact :(
Yes. Mr. Bahasura, " කහත්තේවෙල අම්බලම" ලෙසට, හපුතලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මෙම අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්ද ආරක්ෂිත ස්මාරකයක් ලෙයටද නම් කර ඇති, ස්ථානයකී.
ReplyDeleteඅපි මේවා ආරක්ෂිත කල යුතුයි
ReplyDelete