බණ්ඩාරවෙල - හීල්ඔය - අම්පිටියේ
පුරාතනයේ අං ඇදි ස්ථානය
පුරාතනයේ සිටම අං ඇදිම ඉතාම ජනප්‍රිය ක්‍රිඩාවක්ව පැවතියේය. දැන් අං ඇදිමේ ක්‍රීඩාව හෙවත් අං කෙලිය (the horns pulling game / an keliya) ජනප්‍රිය නැතත් සමහර අවස්ථාවන් වලදී පත්තිනි දේවිය වෙනුවෙන් පවත්වනු ලබන භාර හාර උත්සව වලදී අං ඇදිම සිදු කරනු ලැබේ. H. පාකර් මහතාගේ Ancient Ceylon නම් කෘතියට අනුව , පත්තිනි දේවිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා වු පාලාංගා (Palanga) නම් අය සමග කැලයෙහි සපු ගසක කෙකි දෙකක ආධාරයෙන් සපු මල් කඩමින් ඉන්නා අතර, එක් අවස්ථාවකදි කොකු දෙකම එකට එක ගැටි ගැලවිමට නොහැකි විය. ඒ නිසා විශාල පිරිසක් රැගෙනවිත් , එම කොකු දෙක ගලවා ගැනිම සදහා එම විශාල පිරිස දෙපිරිසක්ව දෙපැත්තට වී අදින්නට විය. පිරිම අය පාලාංගාගේ පැත්තත්, ගැහැණු අය පත්තිනි දේවියගේ පැත්තත් සේ දෙ පිලකට බේදි සිටියහ.දෙපිරිස මෙසේ ඇදිමෙන් පසු පාලාංගාගේ කෙක්ක කැඩුණු අතර පත්තිනි දේවියගේ කෙක්ක නෙකැඩි ජයග්‍රහනයද ලැබිනි.එ දායින් පසු පත්තිනි දේවියගේ ජයග්‍රහනය වෙනුවෙන් අං ඇදිම හෙවත් අං කෙලියේ ආරම්භය විය.මෙම ඡායාරූප පෙලින් පෙන්නුම් කරන්නේ බණ්ඩාරවෙල නගරයේ සිට හීල් ඔය මාර්ගයේ ගමන් කර. අම්පිටිය හංදියේ ( අම්පිටිය පහල හංදිය) පිහිටා තිබෙන පුරාතන අං ඇදි, අං කෙලිය පැවැත්වු ස්ථානයේ දැනට ඉතිරිව ඇති ස්මාරක කිහිපයකී. එසේම මෙම ස්ථානයේ පුරාණ සත් පත්තිනි දේවාලය නම් දේවාලයක්ද වේ.
 |
අං කෙලිය පැවැත්වු ස්ථාන ය |
 |
අං කෙලිය පැවැත්වු ස්ථාන ය |
|
 |
අං කෙලිය පැවැත්වු ස්ථාන ය |
|
 |
අං කෙලිය පැවැත්වු ස්ථාන ය |
|
 |
| 1931 |
 |
| 1931 |
 |
අං කෙලිය පැවැත්වු ස්ථාන ය |
|
 |
| දේවාලයේ තඹ ගල |
 |
| පුරාතනයේදී අං ඇදි, අග |
updated 2012.12.24
බලන්න යන්න ඔනේ..
ReplyDelete