අම්පිටිය පුරාණ සත් පත්තිනි දේවාලය - බණ්ඩාරවෙල
අම්පිටිය පුරාණ සත් පත්තිනි දේවාලය පිහිටා ඇත්තේ, බලුල්ල දිස්ක්‍රික්කයේ, බණ්ඩාරවෙල, හීල්ඔය, අම්පිටිය හංදියේය. මෙම ස්ථානයේ පුරාණයේ පත්තිනි දේවිය උදෙසා අං ඇදි ස්ථානයයි.
මෙම ස්ථානයේ දැනට පත්තිනි දේවිය වෙනුවෙන් වාර්ෂිකව උත්සවයක් පැවැතිවෙන අතර එය දෙදිනක් පුරාවට පැවැතිවේ. මෙම උත්සවය අවසන් වන්නේ ගජබාහු රජුගේ විදේශ ආක්‍රමණය සිහිවීම පිණිස දිය කැපිමෙනි. එසේ දිය කපන්නේ කිරිද ඔයේ පල්ලපේරුව යන ස්ථානයේය. එසේම මෙම ස්ථානයේ පුරාණ පත්තිනි දේවාලය වෙනුවට අළුතින් ඉදිකර ඇති පත්තිනි දේවාලයත්, පත්තිනි දේවාලයට දෙපැත්තේ කතරගම් දේවාලයක් සහ විෂ්ණු දේවාලයක්ද වන අතර පැරණි අඹ ගසක් සහ පුරාණ අං ඇදි ස්ථානයත් අළුතින් ඉදිකර ඇති විහාරගෙයත්, 1931 යනුවෙන් ගලක කොටා ඇති සළකුණක්ද වේ.
දේවාලයේ ලිපිනය:
අම්පිටිය සත්පත්තිනි දේවාලය,
අම්පිටිය හංදිය,
හීල්ඹය,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 072 4396892
දේවාලයේ ලිපිනය:
අම්පිටිය සත්පත්තිනි දේවාලය,
අම්පිටිය හංදිය,
හීල්ඹය,
බණ්ඩාරවෙල.
දුරකතන අංකය: 072 4396892
| අම්පිටිය සත් පත්තිනි දේවාලය |
| 1931 |
| තඹ ගල |
| අං කෙළිය සදහා භාවිතා කල අගක් |
| අං ඇදි ස්ථානය |
| අං ඇදි ස්ථානය |
| ඩී.එම්. සුමනසේකර දේවාලයේ භාරකරු |
නියමයි
ReplyDeleteGreat place
ReplyDelete