බදුලු ටැම් ලිපිය
බදුලු ටැම් ලිපිය දැනට ස්ථාන ගත කර ඇත්තේ බදුල්ලේ පිහිටා ඇති සෙනරත් පරණවිතාන පුස්ථකාලයේ ඉදි කර විශේෂ මණ්ඩපයක් තුලයි.
| බදුලු ටැම් ලිපියේ අක්ෂර සහ පේලි |
" මෙහි උස අඩි 8 යි අගල් 5 යි."
"මහියංගනයේ හොර බොර වැව අසල හෝපිටි ගම ගමේ හා එම වෙළෙද පලේ පෙර සිරිත් කඩ කොට දඩ ගැනිම් ආදිය කෙරෙතියි 10 වන සිය වස සිරිලක රජ කල ශ්‍රී සංඝබෝධි උදය 111 රජතුමා මහියංගණ විහාරයට පැමිණි කල ගම්වාසින් විසින් පෙත්සමක් ඉදිරි පත් කිරිමෙන් පසු උදය රජු ඒ ගමේ හා වෙළෙද පලේ ක්‍රමික පාලනය සදහා පැනවුණු ව්‍යවස්ථාදිය මෙහි සදහන්වේ.
"ලංකාවේ නන් දෙසින් දැනට සොයා ගෙන ඇති සෙල් ලිපි ගණන 400 ක් පමණවේ. මෙම ටැම් ලිපි අතරින් ඉතා විශාලතම ලිපිය හැටියටත් කුඩා අකුරු ඇති ලිපිය හැටියටත් මෙම බදුලු ටැම් ලිපිය සලකනු ලැබේ. මෙහි වචන පේළි 203 හා අකුරු 2000 ක් පමණ අඩංගුවේ."
මෙම ටැම් ලිපිය බදුළු සෙල් ලිපිය වශයෙන් හැදින්වුවත් පොත් පත් වල "සොරබොර වැව ටැම් ලිපිය" වශයෙන් සදහන්ව ඇත. එසේම මෙම ටැම් ලිපිය කල උදය 111 රජු ක්‍රි.ව. 946 සිට ක්‍රි.ව. 952 දක්වා යන වර්ෂ 6 ක කාලයක් අනුරාධපුරය කේන්ද්‍ර කර ගෙන රාජ්‍ය කලේය.
| බදුලු ටැම් ලිපිය |
| පැරණි සොරෝව්වක් |
| බදුල්ලේ කැණිමකින් ලැබුණු පැරණි භාජනයක් |
| පැරණි සොරෝව්වක් |
ස්තුතියි..දැනුවත් කිරිම ගැන
ReplyDelete