රාවණා ඇල්ල ගුහාව - ඇල්ල
රාවණා ඇල්ල ගුහාව පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. ඇල්ල-වැල්ලවාය මිර්ගයේ ඇල්ල සිට රාණා ඇල්ල මං සන්දිය දක්වා ගමන් කර එහි දකුණට ඇති මාර්ගයේ කාලෝමිටර් 1 1/2 පමණ ගිය විට රාවණා ඇල්ල පුරාණ විහාරස්ථානය අසලට පැම්ණිය හැක. මෙම විහාරස්ථානය අසල ඇති කන්දට නැගිම පිණිස ඇති පඩිපෙලින් රාවණා ඇල්ල ගුහාවට ප්‍රවේශ විය හැක.
රාවණා ඇල්ල ගුහාව හුණු ගලින් නිර්මාණයවී ඇති උමගයකී. ශ්‍රී ලංකාවේ ඇති විශාලත්වයෙන් වැඩි එක් ගුහාවකී මෙම ගුහාව. පසු ගිය වකවාණුවේ සිදු කරන ලද පුරා විද්‍යත්මක ගවේෂණයන් තුලින් පුරාණ යුගයක වාසය කරන ලද මානවයාගේ ඇට කැබලි, ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු, සහ ගල් ආයුධ රාශියක් සොයාගෙන ඇත.
| රාවණා ඇල්ල ගුහාව එළියට පෙනෙන අයුරු |
| රාවණා ඇල්ල ගුහාව තුල සිට එළිය පෙනෙන අයුරු |
| පස් තට්ටු |
| ඊතලයෙන් පෙන්වා ඇති ස්ථානයේ රාවණා ඇල්ල ගුහාව පිහිටා ඇත |
| ගුහාව අභ්‍යන්තරයේ දර්ශණයක් |
| රාවණා ඇල්ල ගුහාව තුල සිට එළිය පෙනෙන අයුරු |
| රාවණා ඇල්ල ගුහාව තුල සිට එළිය පෙනෙන අයුරු |
එල ද බ්‍රා..දවසක එනවමයි
ReplyDelete