ශාන්ත මාර්ක්ගේ දේවස්ථානය - බදුල්ල
බදුල්ලේ පිහිටා ඇති ශාන්ත මාර්ක්ගේ දේවස්ථානය විශේෂවු දේවස්ථානයකී. එසේ පැවසීමට හේතු වන්නේ මෙම දේවස්ථානය මෙතැන ඉදි කරන ලෙසට යෝජනා කර ඇත්තේ කන්ද උඩරට රාජ්‍යයේ, බ්‍රිතාන්‍ය යුගයේ මුල් අවධියේ සිංහල බෞද්ධයෙකුවු රඹුක්පොත දිශාව විසිනි.
| 1888 අප්‍රේල් 25 ලෙස සටහන් කර ඇති ඵලකය |
මෙම දේවස්ථානය ඉදි කිරිමට සිදුවු විශේෂිත සිදුවීම වුයේ ඌව පලාතේ උප එජාන්ත ලෙස ක්‍රියා කල කපිතාන් තෝමස් විලියම් රොජස් සිහිවීම පිණිසයි. (කපිතාන් තෝමස් විලියම් රොජස් පිළිබද තොරතුරු සදහා www.inforindaka.blogspot.com වෙත පිවිසෙන්න) . මෙයට හේතු පාදක වු කරුණු වන්නේ, කපිතාන් තෝමස් විලියම් රොජස් 1845 ජුනි 07 දා හපුතලේ පැරණි තානායමේදි අකුණු වැදිම නිසා වයස අවුරුදු 44 දී මියයාමයි.
මෙම දේවස්ථානයේ වර්තමානයේ ගරු ලලිත් පියනම විසින් පාලන කටයුතු භාරව කටයුතු සිදු කරනු ලැබේ.
St.Mark's day සෑම වර්ෂයකම අප්‍රේල් 25 දින සමරන කිතුණු උත්සවයකී.
අනිත් බෝලොග් එකටත් එන්නම්
ReplyDelete