බිදුණු වැව - බණ්ඩාරවෙල
"බිදුණු වැව. මෙය කුමාරසිංහ රජු කල තිබුණු කුඩා වැවකී. උඩරට ඉංග්‍රිසින් අතට පත්වු විට මහා මාර්ග තැනිමේදී මේ වැව කඩා දැමු නිසා එය බිදුණු වැව නමින් හදුන් වන ලදී. බණ්ඩාරවෙල නගරාසන්නයේ පිහිටි මේ ප්‍රදේශය අදත් බිදුණු වැව නමින් ප්‍රසිද්ධය." - ඌවේ ඓතිහාසික ජන කතා ශාස්ත්‍රාචාර්ය ජේ.පී. මාපා. පලමු මුද්‍රණය 17 වන පිටුව.
"පෙර මෙහි බණ්ඩාර (=රදල) කෙනෙකුට අයත් විශාල කුඹුරක් තිබුණේය. ඊට ජලය දුන් වැව කැඩී යාමෙන් කුඹුර පුරන්විය. කැඩී ගිය වැව තිබු තැන බිදුණු වැව නම්න් දැනුදු ව්‍යවහාර වෙයි." - නාවුල්ලේ ධම්මානන්ද හිමි ඌව ඉතිහාසය . 26 පිටුව.
බිදුණු වැව නම් වු අර්ධනාගරීකරණයවු ග්‍රාමය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙලය. බණ්ඩාරවෙල නගරයේ සිට කිලෝමිටර් 4 ක් පමණ ගිය විට බිදුණු වැව නම් වු ස්ථානය හමුවේ.
බිදුණු වැව ග්‍රාමය සදහා පුරාණයේ වෙනත් නමක් භාවිතා වන්නට ඇති අතර, කුමාරසිංහ නම් රජුගේ කාලයේ (ක්‍රි:ව: 1604 - ක්‍රි:ව: 1664 කාලයේ ඌවේ උපරජු හැටියට ක්‍රියා කලේය) මෙහි මධ්‍යම ප්‍රමාණයේ වැවක් තිබුණු බවත් එය බ්‍රිතාන්‍යයන් විසින් බදුල්ල දක්වා මහා මාර්ගය ඉදි කිරිමේදි වැව් බැම්ම කඩා බිද දමා මාර්ගය ඉදිකර ඇත. දැන් එහි වැවක් නොමැති නමුත් බිදුණු වැව නම අදටත් භාවිතාවේ.
"බිදුණු වැව. මෙය කුමාරසිංහ රජු කල තිබුණු කුඩා වැවකී. උඩරට ඉංග්‍රිසින් අතට පත්වු විට මහා මාර්ග තැනිමේදී මේ වැව කඩා දැමු නිසා එය බිදුණු වැව නමින් හදුන් වන ලදී. බණ්ඩාරවෙල නගරාසන්නයේ පිහිටි මේ ප්‍රදේශය අදත් බිදුණු වැව නමින් ප්‍රසිද්ධය." - ඌවේ ඓතිහාසික ජන කතා ශාස්ත්‍රාචාර්ය ජේ.පී. මාපා. පලමු මුද්‍රණය 17 වන පිටුව.
"පෙර මෙහි බණ්ඩාර (=රදල) කෙනෙකුට අයත් විශාල කුඹුරක් තිබුණේය. ඊට ජලය දුන් වැව කැඩී යාමෙන් කුඹුර පුරන්විය. කැඩී ගිය වැව තිබු තැන බිදුණු වැව නම්න් දැනුදු ව්‍යවහාර වෙයි." - නාවුල්ලේ ධම්මානන්ද හිමි ඌව ඉතිහාසය . 26 පිටුව.
Comments
Post a Comment