දිස්ත්‍රික් රෝහල - හපුතලේ
හපුතලේ දිස්ත්‍රික් රෝහල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයේ සිට බණ්ඩාරවෙල දෙසට කිලෝමීටර් දෙකක් පමණ යාමේදි පංකැටිය නම් ස්ථානයේය. හපුතලේ දිස්ත්‍රික් රෝහල, පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.
තනි කළු ගල් උපයෝගී කර ගෙන උස්වු වහල සහිතව ගොඩනැගිලි බ්‍රිතාන්‍යා සමයේදී නිර්මාණය කර ඇති ඒවාය. සෑම වට්ටුවකටම තාප උදුන් (Fire place) ඇති අතර. ළමා වට්ටුවේ පැරණිතම incubator එකක් සුරත්ෂිතව තබා ඇත.
වහලයේ ඇති උළු වල 1865 නිෂ්පාදිත වර්ෂය සදහන්ය. එසේම ප්‍රධාන වෛද්‍ය නිළධාරි නිළ නිවස පිටු පස අශ්ව ගාල (ඉස්තාලයක්) දක්නට ලැබේ.
හපුතලේ දිස්ත්‍රික් රෝහලේ 1928 සිට 1931 දක්වා සේවය කල Dr. I.E. Meier නම් දිස්ත්‍රික් වෛද්‍යා වරයා සිහිවීම පිණිස ඵලකයක් තබා ඇත. ඔහු 1931 ජුනි මස 17 දින මිය ගොස් ඇත.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.18 දින
| වෛද්‍යා නිළධාරි නිළ නිවස |
| වෛද්‍යා නිළධාරි නිළ නිවස |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| incubator |
| incubator |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| තාප උදුන් (Fire place) |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| 1865 සදහන් උළු කැටයක් |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
| හපුතලේ දිස්ත්‍රික් රෝහල |
Comments
Post a Comment