හල්දුම්මුල්ල තැපැල් කාර්යාලය (පැරණි)
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
මෙම ඡායාරූප පෙල අධ්‍යාපනික මෙහෙවරක් උදෙසා පල කරන අතර, බ්‍රිතාන්‍යය යුගයේදී හල්දුම්මුල්ලේ පැවති ආර්ථික රටාව හා ඓතිහාසික ගොඩනැගිලි ඇති බව පෙන්වීම සදහා විනා කිසිවෙකු සදහා දෝෂ දර්ෂණයක් හෝ අවමානයක් පිණිස නෙවෙන බව අවධාරණය
කරමි.
බ්‍රිතාන්‍යයන් විසින් උඩරට කෝපි වගා කර අසාර්ථක වුයෙන් තේ වැවිම ආරම්භ කරන ලද අතර 1821 දී පමණ කොළඹ - බදුල්ල මාර්ගය කැපීම ආරම්භ කරන ලදි. එසේම තේ වගාව සාර්ථක වුයේය. බ්‍රිතාන්‍යය සමයේ හලුදුම්මුල්ල වු කලී පුංචි එංගලන්තයක් බදුවිය. මිෂනාරි පාසැල, දේවස්ථානය, සමාජ ශාලා, බැංකු ආදියෙන් පරිපෝෂිත වු නගරයක් වශයෙන් පැවතියේය. එහෙත් කොළඹ සිට හපුතලය - බණ්ඩාරවෙල දක්වා දුම්රිය පැමිණිවමන් බ්‍රිතාන්‍යයන්ට භාණ්ඩ ප්‍රවාහනය පහසුවුයෙන් හල්‍දුම්මුල්ල මුල් කරගෙන පැවැති සමාජ සංස්කෘතිය වෙනස්වී හපුතලේ හා බණ්ඩාරවෙල මුල් කරගත් ආර්ථික රටාවක් බිහිවිය.
එහෙත් ඒ බ්‍රිතාන්‍යය සමයේ ඉදි කරන ලද ගොඩනැගිලි රාශියක් දැනුදු හල්දුම්මුල්ල අවට ඇත. මේ බ්‍රිතාන්‍ය යුගයේ සිට මෑතක් වනතුරු (ඡායාරුප ගන්නා ලද්දේ 2012 සැප්තැම්බර් මස) හල්දුම්මුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය පැවැති සිථානයේ ඡායාරුපයි. මෙම ස්ථානය පිහිටා ඇත්තේ හල්දුම්මුල්ල මහා විද්‍යාලය ආසන්නයේ වමට ඇති කොන්ක්‍රිට් මාර්ගයේ මද දුරක් ගිය විටයි.
දැන් (ඡායාරුප ගන්නා ලද්දේ 2012 සැප්තැම්බර් මස) තැපැල් කාර්යාලය නව ගොඩනැගිල්ලකට ගෙනගොස් ඇත. එය දැන් පිහිටුවා ඇත්තේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරි පිටයි.
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
| හල්දුම්මුල්ලේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල |
Comments
Post a Comment