මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාමයේ ඇති කෞතුකාගාරය
විහාරස්ථානයේ ලිපිනය:
ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය,
මල්පොත,
මිරහාවත්ත.
වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මල්පොත ග්‍රාමයේ පිහිටි විහාරස්ථානයකී. මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරය. මෙම විහාරස්ථානයේ විහාරධිපති ගරු ශාස්ත්‍රපති කන්දේගෙදර උපනන්ද ස්වාමින් වහන්සේ විසින් විහාරස්ථාන භූමියෙහි කෞතුකාගාරයක් පවත්වා ගෙන යනු ලබන අතර, එම කෞතුකාගාරයේ අද අපගෙන් අභාවයට යන භාණ්ඩ රාශියක් දැක බලා ගැනීම සදහා තබා ඇත.
මේ ඔබට ඒවා දැක බලා ගැනීම පිණිස කරන ආරාධනයයි.
එසේම මෙම කෞතුකාගාරය පිහිටා ඇති මල්පොත ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානය කලාභවනක් වැනිය. මෙම විහාරස්ථානයට ලගාවීම පිණිස බණ්ඩාරවෙල-වැලිමඩ මාර්ගයේ මිරහාවත්ත අසලට පැමිණ, මල්පොත දක්වා දිවයන මාර්ගයේ මද දුරක් ගොස් දකුණට ඇති මාර්ගයේ හැරි යා යුතුයි.
ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය,
මල්පොත,
මිරහාවත්ත.
Comments
Post a Comment