ඇඩිසම් බංගලාව - හපුතලේ
![]() |
| ඇඩිසම් බංගලාව |
සර් තෝමස් ලිස්ටර් විලර්ස් ගේ සිහින මාළිගාව වු ඇඩිසම් බංගලාව අද Sylvestro-Bendiction, Congregation in Sri Lanka නම් රෝමාණු කතෝලික තාපසාරාමයකී.
![]() |
| ඇඩිසම් බංගලාව |
ඇඩිසම් බංගලාව පිහිටා ඇත්තේ ඌව පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේය. හපුතලේ නගරයේ සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ගොස් ග්ලැනෝර් වතු යාය ආසන්නයේ වමට ඇති තංගමලේ අභයභූමිය මාර්ගයේ, තංගමලේ අභයභූම්ය මැදින් ගිය විට ඇඩිසම් බංගලාවට ලගා විය හැක.
සර් තෝමස් ලිස්ටර් විලර්ස්, ජෝර්ජ් ස්ටුවර්ඩ් සමාගමේ සභාපති වරයා වී සිටින කාලයේදී මෙම ඇඩිසම් බංගලාව සෑදීම ආරම්භ කර ඇත්තේ හපුතලේ තංගමලේ අභයභූම්ය ආසන්නයේ මෙම ඉඩම මිළයට ගැනීමෙන් පසුවයි. මෙම ඇඩිසම් බංගලාවේ වැඩ ආරම්භ කර ඇත්තේ 1929 වර්ෂයේදීය.
| ඇඩිසම් බංගලාවේ පිවිසුම් ගේට්ටුව |
| වහලයේ දුම් පිට වන කවුළු |
මෙම බංගලාවේ ඉදිකිරිම් සදහා ඉන්දියානු පෙදෙරේරුවන් යෙදා ගත් බව පැවසේ.
| වහලයේ දුම් පිට වන කවුළු |
මෙම බංගලාව සදහා අවශ්‍ය ගෘහභාණ්ඩ, පාපිසි, පිගන් භාණ්ඩ සහ විදුරු භාණ්ඩ යන සියල්ලම එංගලන්තයෙන් ගෙන එන ලදී.
![]() |
| සර් තෝමස් ලිස්ටර් විලර්ස් |
මෙම ඇඩිසම් බංගලාවේ ඉදිකිරිම් කටයුතු 1931 දී නිමවු නිසා එම දෙපොල 1931 දී මෙහි පදිංචියට පැමිණියේය.
මෙම බංගලාව ඇඩිසම් ලෙස නම් කර ඇත්තේ, සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ උපන් ගම සිහිවීම පිණිසයි.
මෙම දෙපොල 1948 දී එංගලන්තයේ පදිංචියට ගිය නිසා ඇඩිසම් බංගලාව 1948 දී විකුණන ලදි. මෙය ප්‍රථමයෙන්ම මිළයට ගනු ලැබුවේ රුක්මණි බෙලිගම්මන මහත්මිය විසිනි. ඇයගෙන් 1951 අප්‍රේල් මාසයේදී සේදවත්ත වතුසමාගම විසින් මිළයට ගනු ලැබීය.
ඉන් අනතුරුව විමලා කන්නංගර මහත්මිය විසින් මිළයට ගත් අතර, මෙම අඩිසම් බංගලාව රෝමාණු කතෝලික සභාව වෙ ඇය විසින් විකුණන ලදී.
1962 දී ඇඩිසම් බංගලාව Sylvestro-Bendiction තාපසාරාමය බවට පත් කර සංවර්ධනය කරන ලදී.
අදට (2012 වර්ෂයට) මෙම තාපසාරාමය පටන් ගෙන වර්ෂ 50 ක් සපිරේ.
වෙනත් තොරතුරු සදහා : www.adisham.org
ලිපිනය:
ඇඩිසම් තාපසාරාමය,
හපුතලේ.
දුරකතනය : 057 2268030


.jpg)



Comments
Post a Comment