ඇත් පොකුණ - අනුරාධපුරය
අනුරාධපුරයේ ලංකාරාම ස්ථුපය ආසන්නයේ පිහිටා ඇති විශාල ප්‍රමාණයේ සතරැස් පොකුණකී, ඇත් පොකුණ. මෙහි දිග මීටර් 159 ක් වන අතර, පළල මීටර් 52.7 ක් වන අතර, ගැඹුර මීටර් 9.5 කී. සතර දිශාවෙන්ම ඇත් පොකුණට බැසීම සදහා පියගැට පෙලි ඇති අතර සතර වටේම ගල් බිත්ති, පොලොව උස මට්ටම දක්වාම නිර්මාණය කර ඇත. ඇත් පොකුණ සදහා ජලය උමං නල පද්ධතියක් මාර්ගයෙන් ලබා ගෙන ඇති අතර ඇත් පොකුණේ දකුණු පැත්තේ ජලය රැගෙන ආ උමං නල මාර්ගයක් සහ උතුරු පැත්තේ උමං ජල නල මාර්ග දෙකක් දක්නට ලැබේ. මෙම ඇත් පොකුණ ආදි කාලයකදී "මාස්පොත පොකුණ" වශයෙන් හැදින්වුනු බව පැරණි පත පොතහි සදහන්ය.
ඡායාරූප ගන්නා ලද්දේ 2010. ජුලි මස 01 දින දීය.
ඇත් පොකුණ ජලයෙන් පිරි ඉතිරි ගිය අවස්ථාවක් ගත් ඡායාරූප
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.
Comments
Post a Comment