කිරිදි ගගේ අප්‍රසිද්ධ දිය ඇල්ල
- ගල් ඇක්ක දිය ඇල්ල
.JPG) |
| ගල්ඇක්ක දිය ඇල්ල |
කිරිදි ගග බණ්ඩාරවෙල, නායබැද්ද නම් කදු වැටියෙන් ආරම්භවී කිරින්ද දක්වා ගොස් මුහුදට එකතුවේ. එසේ කිරිදි ඔය ගලා බැස යද්දී ප්‍රසිද්ධ දිය ඇලි (රාවණා ඇල්ල දිය ඇල්ල) මෙන්ම අප්‍රසිද්ධ දිය ඇලි කිහිපයක්ද නිර්මාණය කරයි. මේ කිරිදි ඔය මගින් නිර්මාණය කරනු ලැබු අප්‍රසිද්ධ දිය ඇල්ලකී.
.JPG) |
ගල්ඇක්ක දිය ඇල්ල අසල ඇති අලංකාර දිය දහරක් |
මෙම දිය ඇල්ලේ නම ගල්ඇක්ක දිය ඇල්ලයි. මෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කෝට්ඨාශයේ, ගල්ඇක්ක දුම්රිය පැලමට යටිනි. අඩි 15 ක් පමණ උසැති මෙම දිය ඇල්ල වර්ෂා කාලයේදී හොදින් දැක බලා ගත හැක.
මෙම දිය ඇල්ල දැක බලා ගැනීම පිණිස
.JPG) |
ගල්ඇක්ක දිය ඇල්ල අසල ඇති අලංකාර දිය දහරක් |
බණ්ඩාරවෙල, කිණිගම දුම්රිය ස්ථානය අසලට පැමිණ, එහි සිට දුම්රිය මාර්ගය දිගේ හීල්ඔය දුම්රිය ස්ථානය දෙසට කිලෝමීටර් 1 1/2 - 2 ක් පමණ යායුතුයි. එවිට මෙම දිය ඇල්ල සහ ගල්ඇක්ක දුම්රිය පාලම දැක බලා ගත හැක.
 |
| ගල්ඇක්ක දිය ඇල්ල |
ඡායාරූප ගන්නා ලද්දේ 2012.10.20 දින
Comments
Post a Comment