සර් තෝමස් ලිස්ටර් විලර්ස්
සර් තෝමස් ලිස්ටර් විලර්ස් විසින් ඉදි කරනු ලැබු, ඔහුගේ සිහින මාළිගය නිසා ලෝකයේම ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඒ සිහින මාළිගය හපුතලේ ඇති "ඇඩිසම් බංගලාවයි".
![]() |
| සර් තෝමස් ලිස්ටර් විලර්ස් (ඡායාරූපය හපුතලේ ඇඩිසම් අනුග්‍රහයෙන්) |
හපුතලේ ඇඩිසම් බංගලාව සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ පුද්ගලීක නිවහන වශයෙන් දශක දෙකක පමණ කාලයක් භාවිතයට ගනිනී.
සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1869 දී එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිසම් නම් කුඩා නගරයේදී මෙලොව උපත ලැබීය. ඔහුගේ පියා ගරු ප්‍රීබැන්ඩරි හේන්රි මොන්ටේගු විලර්ස් නම් ක්‍රිස්තියානි දේවගැති වරයාය. වම වික්ටෝරියා රසල්ය. වික්ටෝරියා රසල් ගේ පියා එංගලන්තයේ දෙවරක් ((1846 - 1852) සහ (1865 - 1866)) අගමැතිවු ජෝන් රසල් මැතිතුමාය.(Loard Jhon Russell)
සර් තෝමස් ලිස්ටර් විලර්ස් එංගලන්තයේ ෂර්බෝන් පාඨශාලාවෙන් (Sherborne School) මූලීක අධ්‍යපනය ලැබීය. මුලීක අධ්‍යපනයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවේ බොගවන්තලාවවේ එල්බැද්ද වතු යායේ (Elbedda Estate) ආධුනික වතු පාලකයෙකු වශයෙන් සේවයට එක්විය.
1896 දී සර් තෝමස් ලිස්ටර් විලර්ස්, එවන්ලී හෝප් වෝකර් නම් තරුණිය සමග විවාහවුවාය. ඇයගේ පියා පුණ්ඩළුඹය විලියම් ගිහින්ස් වෝකර් නම් වැවිලිකරුයි. විවාහ මංගල්‍යයය නුවරඑළියේ ශුද්ධවු ත්‍රිත්ව දේවස්ථානයේදි පැවැත්විනි.
එවර්ලී හෝප් තරුණිය චිත්‍ර ඇදිමට අති දක්ෂ කාන්තාවක් වුවාය. අදත් ඇයගේ චිත්‍ර වලින් හපුතලේ ඇඩිසම් බංගලාවේ ආලින්දය විචිත්‍රවත් වේ.
සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප්ට 1896 දී පුතෙකු උපන් අතර ඔහු හෙන්රි ලිස්ටර් විලර්ස්ය. ඔහු පසුව ලුතිනන් වරයෙකු විය. ඔහු 1917 පෙබරවාරි 04 දින මියගායේ පළමුවන ලෝක යුද සමයේදීය. සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ සහ එවර්ලී හෝප්ගේ දෙවන පුතා 1902 දී උපන් අතර ඔහු ද පසුව කොමාන්ඩෝ වරයෙකු වු අතර ඔහු තෝමස් හයිඩි විලර්ස්ය.
1929 දී සර් තෝමස් ලිස්ටර් විලර්ස් විසින් හපුතලේ ඇඩිසම් බංගලාවේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරන ලදුව එහි වැඩ කටයුතු 1931 දී අවසන් කෙරිනි. මෙම ඇඩිසම් බංගලාව ඉදි කරන සමයේදී සර් තෝමස් ලිස්ටර් විලර්ස්, ජෝර්ජ් ස්ටුවර්ඩ් (George Steuarts) සමාගමේ සභාපති වරයා විය.සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප් දෙපල 1931 දී හපුතලේ ඇඩිසම් බංගලාවේ පදිංචියට පැමිණියේය.
සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප් දෙපල හපුතලේ ඇඩිසම් බංගලාව හා ඔවුන්ට අයත්ව තිබු සියළුම දේපල විකුණා දමා නැවත එංගලන්තයට පදිංචිය සදහා යන ලදි. සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1959 දෙසැම්බර් 21 දින මිය ගිය අතර සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ භූමදාන කටයුතු එංගලන්තයේ Pulury Vale හි St. Paul's knights Bridge හිදි සුදු කෙරින.
1896 දී සර් තෝමස් ලිස්ටර් විලර්ස්, එවන්ලී හෝප් වෝකර් නම් තරුණිය සමග විවාහවුවාය. ඇයගේ පියා පුණ්ඩළුඹය විලියම් ගිහින්ස් වෝකර් නම් වැවිලිකරුයි. විවාහ මංගල්‍යයය නුවරඑළියේ ශුද්ධවු ත්‍රිත්ව දේවස්ථානයේදි පැවැත්විනි.
එවර්ලී හෝප් තරුණිය චිත්‍ර ඇදිමට අති දක්ෂ කාන්තාවක් වුවාය. අදත් ඇයගේ චිත්‍ර වලින් හපුතලේ ඇඩිසම් බංගලාවේ ආලින්දය විචිත්‍රවත් වේ.
![]() |
| හපුතලේ ඇඩිසම් බංගලාව |
1929 දී සර් තෝමස් ලිස්ටර් විලර්ස් විසින් හපුතලේ ඇඩිසම් බංගලාවේ ඉදි කිරිම් කටයුතු ආරම්භ කරන ලදුව එහි වැඩ කටයුතු 1931 දී අවසන් කෙරිනි. මෙම ඇඩිසම් බංගලාව ඉදි කරන සමයේදී සර් තෝමස් ලිස්ටර් විලර්ස්, ජෝර්ජ් ස්ටුවර්ඩ් (George Steuarts) සමාගමේ සභාපති වරයා විය.සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප් දෙපල 1931 දී හපුතලේ ඇඩිසම් බංගලාවේ පදිංචියට පැමිණියේය.
සර් තෝමස් ලිස්ටර් විලර්ස් සහ එවර්ලී හෝප් දෙපල හපුතලේ ඇඩිසම් බංගලාව හා ඔවුන්ට අයත්ව තිබු සියළුම දේපල විකුණා දමා නැවත එංගලන්තයට පදිංචිය සදහා යන ලදි. සර් තෝමස් ලිස්ටර් විලර්ස් 1959 දෙසැම්බර් 21 දින මිය ගිය අතර සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගේ භූමදාන කටයුතු එංගලන්තයේ Pulury Vale හි St. Paul's knights Bridge හිදි සුදු කෙරින.

Comments
Post a Comment