දේශ දේශ කිතු ගොසේ නැගු භූමි
දේශ දේශ අභිවන්දී භූමි
ශාක්‍ය සිංහ හිමි තෙද පෑ භූමි
උදාර හෙළ භූමි - ඌව විජය භූමි
සිත නමුණුකුල කදුවැටි වෙනයි
දුන්හිද - දියළුම ගලනා සිහලයි
වෙල්ලස්සේ ගලනා රණ ගීයයි
අභීත - රණවරු නිජ බිම ඌවයි
මුතියංගන මියුගුණ සෑ කිරණයි
කන්ද කදිර හිමි දෙවි රැකවරනයි
වීර වොනරවිල එඩි පෑ දෙරණයි
සිංහ කොඩිය සහ අසිපත මෙතනයි
Comments
Post a Comment