රාවණා දිය ඇල්ල - ඇල්ල
| රාවණා දිය ඇල්ල (2012 අගොස්තු මස) ඉඩෝර සමයක ගන්නා ලද ඡායාරූපයක් |
රාවණා දිය ඇල්ල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ, ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේය. ( එහෙත් ඇල්ල-වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඇති දිය ඇල්ල - බඹරගම දිය ඇල්ල - සදහා රාවණා දිය ඇල්ල යැයි භාවිතා කරතත්, නියම රාවණා දිය ඇල්ල මෙයයි) මෙම දිය ඇල්ල ආසන්නයට යාම සදහා මාර්ග පහසුකම් නොමැති බැවින්, මෙම දිය ඇල්ල නැරඹිම සදහා ඇල්ල-කිතල්ඇල් මාර්ගයේ කිලොමීටර් 1 1/2 ක් පමණ ගිය විට මෙම දිය ඇල්ල හොදින් දැක බලා ගත හැකි අතර, එසේත් නොමැති නම්, ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගයේ කිතල්ඇල් දුම්රිය ස්ථානය දෙසට කාලෝමීටර් 1 1/2 ක් පමණ ගිය විටද මෙම දිය ඇල්ල හොදින් දැක බලා ගත හැක. (දුම්රිය මාර්ගයේ ගමන් කිරිම සපුරා තහනම් වන අතර, දුම්රිය මාර්ගයේ ගමන් කරන්නේ නම් දුම්රිය ධාවනයට බාදා නොවන අයුරින්, තමාගේ ආරක්ෂාව ගැන හොද අවධානයකින් පසුවීම ඉතා වැදගත්ය)
| රාවණා දිය ඇල්ල (2012.12.27 දින උදැසන 7.30 ට පමණ ගන්නා ලද ඡායාරූපයකී.) |
Comments
Post a Comment