දියළුම දිය ඇල්ල - කොස්ලන්ද

කොස්ලන්ද පිහිටා ඇත්තේ බෙරගල සහ වැල්ලවාය අතරයි. කොස්ලන්ද ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත්, හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පිහිටි නගරයකී.

කොස්ලන්ද නගරයට බණ්ඩාරවෙල සිට පූනාගල හරහා හෝ, බෙරගල හරහා හෝ පැම්ණ වැල්ලවාය දෙසට කිලෝමීටර් 2 ක් ගිය විට ද්යළුම දිය ඇල් දැක බලා ගත හැක. බෙරගල-වැල්වාය මාර්ගයේ කිලෝමීටර් 205-206 අතර දියළුම දිය ඇල්ල පිහිටා ඇත.

දියළුම දිය ඇල් ශ්‍රී ලංකාවේ දෙවන උස දිය ඇල්ලයි. එහි උස මීටර් 220කී. අඩි 628 කී. දියළුම දිය ඇල්ල පුනාගල ඔයෙහි නිර්මාණයකි. පූනාගල ඔය කිරිදි ඔයේ අතු ගංගාවකී. (පූනාගල ඔය, කුඩා ඔයට සම්බන්ධවී පසුව කිරිදි ඔයට එකතුවේ.)

ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.

Comments