කැතරින් සීට් - බණ්ඩාරවෙල

කැතරින් සිට් නම් ස්ථානයේදී
 බණ්ඩාරවෙල නගරය,
සහ දියතලාව නගරය ආදි
 ස්ථාන වල හොද දසුනක්
 දැක බලා ගත හැක.
 කැතරින් සීට් නම් ස්ථානය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල නායබැද්ද කදු මුදුනේ වන අතර ලිප්ටන් සීට් පිහිටියේ හපුතලේ දඹේතැන්නේය.

බණ්ඩාරවෙල නගරයේ සිට පූනාගල මාර්ගයේ කිලෝමීටර් 7 ක් පමිණි  තැන,  නායබැද්ද වතු යායට ප්‍රවිශ්ඨ වන මාර්ගය හමුවේ.

කැතරින් සිට් නම් ස්ථානයේදී
බණ්ඩාරවෙල නගරය,
සහ දියතලාව නගරය
ආදි ස්ථාන වල හොද
 දසුනක් දැක බලා ගත හැක.
 එම මාර්ගය දිගේ යාමේදි හමුවන අරුම්ගු ශ්‍රී මුත්තුමාර්යම්මාන් කෝවිල පසු කර මද දුරක් ගිය විට හමුවන පළමුවන තුන්මං හන්දියෙන් වමට ඇති මාර්ගයේ කැතරින් සිට් වෙත යාම සදහා යායුතුයි. එසේ ඉදිරියට යාමේදී අන්නායි වේලකන්නි ක්‍රිස්තු දේවස්ථානය හමුවේ. එම දේවස්ථානය පසු කර නායබැද්ද වතු යායේ - තේ කර්මාන්ත ශාලාව ආසන්නයට පැමිණිය හැක.

නායබැද්ද වතු යායේ - තේ කර්මාන්ත ශාලාව අසල ඇති මුර කුටියෙන් අවසර පත්‍රයක් ලබා ගෙන, නායබැද්ද වතු යායේ කර්මාන්තශාලාව ඉදිරියෙන් ඇති දකුණු දිශාවට ඇති මාර්ගයට ප්‍රව්ශ්ඨව, මාර්ග සළකුණු ඔස්සේ ඉදිරියට (කන්ද මුදුනට) ගමන් කිරිමෙන් කැතරින් සීට් නම් ස්ථානය දැක බලා ගැනීම පිණිස යා හැක. 

කැතරින් සිට් නම් ස්ථානයේදී බණ්ඩාරවෙල නගරය, සහ දියතලාව නගරය ආදි ස්ථාන වල හොද දසුනක් දැක බලා ගත හැක.

 (මා මෙම ස්ථානය නැරඹිම සදාහා ගිය දිනයේ එනම් 2012.12.27 දින දැඩිව මීදුම සහ වර්ෂාව පැවැති බැවින් කැතරින් සීට් සහ ලිපිටන් සීට් ආසන්නයට යාමට නොහැකි වුයෙන් එම ස්ථාන වල ඡායාරූප මෙහි පල නොකරන අතර ඉදිරියේ වෙනත් දීනයකදී එම ස්ථානයට නැවත ගොස් එම ඡායාරූප පල කරන්නම්)


කැතරින් සිට් නම් ස්ථානයේදී
 බණ්ඩාරවෙල නගරයේ
හොද දසුනක් දැක බලා ගත හැක.

තේ දළු කිරන ස්ථානයක්




අවට මී දුමෙන් වැසි ගියා

Comments