බණ්ඩාරවෙල ටෙනිස් සමාජය

බණ්ඩාරවෙල ටෙනිස් සමාජය පිහිටා ඇති "Tennis Club" නම් ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය සමයේ ඉදි කරන ලද ගොඩනැගිල්ලකී. දුම්රිය මාර්ගය බණ්ඩාරවෙල දක්වා දිර්ඝ කිරිමෙන් පසුව හල්දුම්මුල්ල ගොඩනැගිල්ලක පැවැති මෙම ටෙනිස් ක්‍රීඩා සමාජය බණ්ඩාරවෙල නගරය වෙත රැගෙන එන ලද්දේ හල්දුම්මුල්ලේ වාසය කරන ලද විදේශිකයන් බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල හා හපුතලේට සංක්‍රමණයවී නිසායි. බණ්ඩාරවෙල පිහිටි මෙම "Tennis Club" නම් ඉපැරණි ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ඉණ්ඩාරවෙල නගරයේ උද්‍යාන පාරේය. මෙම ටෙනිස් සමාජය මෙම ස්ථානයේ ආරම්භ කර ඇත්තේ 1897 වර්ෂයේදීය.



ඡායාරෑප ගන්නා ලද්දේ 2013.02.24 දිනයි.

Comments