බුලත් හෙප්පුව - (ඉලත්තට්ටුව)

ඉපැරණි සිංහල සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගත්තේ බුලත් විටයි. බුලත් විටකින් සංග්‍රහ කිරිම, බුලත් විටකින් සංග්‍රහ ලැබීම විශේෂයක් ලෙස සැලකුහ. බුලත්, පුවක් ආදිය තබා පිළිගැන්වීම පිණිස බුලත් හෙප්පුව හෙවත් ඉලත්තට්ටුව භාවිතයට ගැනිනි.

ප්‍රමාණයෙන් කුඩා ඉලත්තට්ටුව මේසය මත තැබීම පිණිසත්, අඩි 3 1/2 ක් පමණ උසවු ඉලත්තට්ටුව බිම තැබීම පිණිසත් භාවිතයට ගැනිනි. බිම තැබීමට භාවිතයට ගැනුනු ඉලත් තට්ටුවේ, දුම්කොළ පෙට්ටිට, හුණු කිල්ඔටය, ගිරය යනාදියදි තබා තිබිණ.





Comments