බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.
ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන හය වන (6) දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 27 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 60.36 කී. මෙම දුම්රිය බිංගයේ සිට ඔහිය දෙස බැලීමේදී බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 26 දරණ දුම්රිය බිංගය ආසන්නයේම පෙනේන අතර, මෙම දුම්රිය බිංගය අවසාන වනවාත් සමගම අංක 28 දරණ දුම්රිය බිංගය හමු වන අතර කොළඹ සිට දුර සැතපුම් 145 1/2 කණුවද මේ බිංගය ආසන්නයේ ඇත.
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගයේ සිට
අංක 26 දරණ බිංගය පෙනෙන අයුරු
|
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත |
| බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත |
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.
Comments
Post a Comment