මනම්පිටිය පාලම

ශ්‍රී ලංකාවේ ඉදි කර ඇති පාලම් අතර ඉතාම වැදගත්වු අමුතු නිර්මාණ රාශියකී. ඒ අතර අමුතුම නිර්මාණයකී මනම්පිටිය පැරණි පාලම. එයට හේතුව වන්නේ මෙම මනම්පිටිය පැරණි පාලමේ, දුම්රිය සහ මහා මාර්ගය  ඒකාබද්ධව ඉදි කර තිබීමයි.  මනම්පිටිය පැරණි පාලම ආසන්නයේ අළුතින් රථවාහන ධාවනය සදහා පාලමක් ඉදි කර විවෘත කරන තෙක්, දුම්රිය මාර්ගය සහ රථ වාහන ධාවනය ඒකාබද්ධව සිදුවිය. අද මනම්පිටිය පැරණි පාලම දුම්රිය ධාවනය සදහා පමණක් භාවිතයට ගැනේ.

මනම්පිටිය පැරණි පාලම 1924 දී ඉදි කරන ලද්දක් වන අතර දුම්රිය මාර්ගයේ කොළඹ සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ 165 1/2 කණුව ආසන්නයේ මෙම පාලම පිහිටා ඇත. පාලමේ දිග අඩි 150.2ක් වන අතර පලල අඩි 15.5 කී. මෙම පාලම යටින් ගලා බසින්නේ මහවැලි ගග වන අතර පොලොන්නරුව හා මඩකලපුව දිස්ත්‍රික් මායිම වැටි ඇත්තේද මෙම පාලම මධ්‍යයේය.

මෙම පාලම එංගලන්තයේ පී ඇන්ඩි එස් ලන්ඩන් සමාගමේ සහ චීපෙන්ග් හැම් සමාගමේ ඒකාබද්ධ නිර්මාණයකී.

2010 වර්ෂයේ ශ්‍රී ලංකාණ්ඩුව විසින් නිකුත් කරන ලද රු.50.00 මුදල් නොට්ටුවේ මෙම පාලම චිත්‍රයෙන් නිරුපණය කර ඇත. 
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.06 දිනයි.

මනම්පිටිය  පාලම

මනම්පිටිය  පාලම

මනම්පිටිය  පාලම

මනම්පිටිය  පාලම

මනම්පිටිය  පාලම

මනම්පිටිය  පාලම

මනම්පිටිය  පාලම



2010 වර්ෂයේ ශ්‍රී ලංකාණ්ඩුව විසින් නිකුත් කරන
 ලද  රු.50.00 මුදල් නොට්ටුවේ මෙම පාලම
 චිත්‍රයෙන් නිරුපණය කර ඇත.

Comments

  1. කොහෙන්ද මේ තොරතුරු හොයා ගත්තෙ. වැඩිදුර තොරතුරු දැනගත හැකිද?

    ReplyDelete
  2. කොහෙන්ද මේ තොරතුරු හොයා ගත්තෙ. වැඩිදුර තොරතුරු දැනගත හැකිද?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment