ශ්‍රී ලංකාවේ දිගම පාලම, උතුරු මැද හා නැගෙනහිර පලාත් මායිම් වන මහවැලි ගග හරහා ඉදි කර ඇත්තේ මනම්පිටියේය. මෙම පාලම ජයිකා ආයතනයේ සහයෝගය ඇතිව ඉදි වුවකී. මෙම පැලමෙහි වැඩ කටයුතු 2005 වර්ෂයේ ඔක්තෝබර් මස මුල් ගල් තබා ආරම්භ කරන ලද අතර 2007 ඔක්තෝබර් මස 25 දින ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් විවෘත කරන ලදි.
මෙම පාලමෙහි දිග මීටර් 302 ක් වන අතර පලල මීටර් 10.4 කී. මෙම පාලම පිහිටා ඇත්තේ හබරන - තිරිකොන්ඩියාමඩු මාර්ගයේ කිලෝමීටර් 81 කණුව ආසන්නයේ මරදන්කඩවලයි.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.06 දිනයි.
Comments
Post a Comment