පුලස්ති සෘෂිවරයාගේ ප්‍රතිමාව - පොලොන්නරුව


 පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයට නුදුරු, පොත්ගුල් විහාරයට ඉදිරියෙන් ඇති ප්‍රතිමාවකී. මෙම ප්‍රතිමාව කාගේ ප්‍රතිමාවක්දැයි මහත් ගැටළුකාරි ප්‍රශ්ණයකට මැදිව පසුගිය වකවානුවේ නොයෙක්, අර්ථ කථන ප්‍රකාශ කෙරිනි. එහෙත් මෙම ප්‍රතිමාවට පිටුපස වම් පැත්තේ ඉහලින් සොයාගන්නා ලද සෙල් ලිපියක් මගින් මෙම ප්‍රතිමාව ස්ථිර වශයෙන්ම පුලස්ති සෘෂිවරයාගේ බව ප්‍රකාශ කල හැක. එම සෙල් ලිපියේ "පුලසත" යැයි සදහන් කර ඇත.

පුලස්ති සෘෂිවරයා පුස්කොල පොතක් වැනි දෙයක් අතෙහි දරාගෙන සිටින අතර වම් කකුල මදක් කොට පුද්ගලයෙකු බවත් ප්‍රතිමාව දෙස බැලිමේදී පෙනේ.

ප්‍රතිමාවේ වම් බාහුවට උඩින් පිටුපස, පිටුපස හැරි සිටින හාවකුගේ රූපයක් නෙලා ඇත.


ප්‍රතිමාවේ වම් බාහුවට උඩින් පිටුපස,
 පිටුපස හැරි සිටින හාවකුගේ රූපය


ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.07 දිනයි.

Comments