මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය-තිස්සමහාරාම මාර්ගයේ (A-2) මාර්ගයේ හදපානාගල හන්දියෙන් හැරි කාලෝමීටර් 4 ක් පමණ ගිය විට හමුවන ජලාශයකී, හදපානාගල ජලාශය. මෙම හදපානාගල ජලාශයේ වැවි බැම්ම මධ්‍යයේ විශාල ගල් පර්වතයක් පිහිටා ඇත.
මෙම ගල් පර්වතයේ ජලාශය පැත්තට නොව අනෙක් පැත්තට ඇති මුහුණතේ කටාරම් කොටන ලද ගල් ලෙන් තුනකී. පාෂාණ තුල සිදුවන exfoliation නම් ක්‍රියාවලිය නිසා දැනට එහි කටාරම් දක්නට නොලැබේ. ගලේ පර්වතයේ එක් පැත්තක ගලෙහි නෙලන ලද ගල් පඩි පෙලකී.
ගල මුදුණේ කුඩා පොකුණු කිහිපයකී. එක් පොකුණක් ආසන්නයේ පැන්සලක ඝණකම් සහිත යම් කිසි උපකරණයකින් විදින ලද හිලක්ද දක්නට ලැබේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.27 දිනයි.
Comments
Post a Comment