බදුල්ල දුම්රිය මාර්ගයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය මාර්ග පද්ධතියේ උසම ස්ථානය පිහිටා ඇත්තේ පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දෙසට කිලෝමීටර් 3 ක් පමණ ගිය විටයි. එම ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1898.1 ක් එනම් අඩි 6226 ක් වන අතර කොළඹ සිට දුර කිලෝමීටර් 224.027 ක් එනම් සැතපුම් 139 66 1/2 ක් වේ.
මෙම ස්ථානයේ ඇති සුවිශේෂිය ලක්ෂණයක් වන්නේ දුම්රිය මාර්ගයේ උසම ස්ථානයේ සිට ඔහිය දෙසටත් එසේම පට්ටිපොල දෙසටත් බැවුම් වීමයි.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.28 දිනයි.
Comments
Post a Comment