ඇටම්පිටිය නගරයේ සිට බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 1/2 ක් පමණ ගිය විට හමුවන අම්බලම හන්දියේ, මෙම ඇටම්පිටිය පුරාණ අම්බලම පිහිටා ඇත.
මෙම අම්බලම 2005.07.08 දින අංක 1401 දරණ ගැසට් පත්‍රය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇත.
මෙම අම්බලම පිහිටි හන්දියෙන් වමට ඇති මාර්ගය බෝගොඩ රජ මහා විහාරස්ථානය සහ බෝගොඩ ලී පාලම සහ කැටවල අම්බලම වෙත ප්‍රවිෂ්ඨවීම සදහා ඇති කෙටිම මාර්ගයකී.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.
Comments
Post a Comment