බදුල්ල දිස්ත්‍රික්කයේ, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, ඇටම්පිටිය-බණ්ඩාරවෙල මාර්ගයේ; ඇටම්පිටිය නගරයේ සිට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටා ඇති අඹ ගසක් "හී ගස" නමින් හැදින්වේ. ඒ ආසන්නයේම ඇත්තේ බෝධියකී. එම බෝ ගස බදුල්ල-මහනුවර ඉපැරණි රජ මාවතේ පිහිටා ඇති බෝගසකී. පණිවිඩ යැවිමේ ක්‍රමයක් වශයෙන් " ඊ තලයේ" පණිවිඩ ගැට ගසා යැවිමේ කාලයේදී, මෙම අඹ ගස ඉලක්ක කර පණිවිඩ සහිත ඊතලය විද ඇත. ඉන් අනතුරුව මෙම ස්ථානයේ සිට අනෙක් ස්ථාන වලට එය නැවත යවා ඇත. එය පාදක කර ගෙන අදත් මෙම රුක්ෂ අඹ ගස "හී ගස" ලෙසට හැදින්වේ.
ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.03 දිනයි.
Comments
Post a Comment