ඕලිපන්ට්(Oliphant) තේ වතු යාය - නුවරළුළිය - ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වත්ත

නුවරඑළිය දිස්ත්‍රික්කයේ, රම්බොඩ සහ නුවරඑළිය අතර ඔලිෆන්ට් (Oliphant) තේ වතු යාය පිහිටා ඇත. මෙම තේ වත්ත අපට ශ්‍රී ලංකිකයන්ට වැදගත් වන්නේ, ශ්‍රී ලංකාවට චීනයෙන් ගෙන්වන ලද ප්‍රථම තේ පැල 30 මෙම වත්තේ රෝපණය කරනු ලැබු නිසාය. මෙම තේ වත්ත එවකට අයත්ව සිටියේ බ්‍රිතාන්‍ය ජාතික ලෝරන්ස් ඔලිෆන්ට් (Lawrence Oliphant) ටය. සර් ඇන්ඩෘ ඔලිෆන්ට් සහ ඔහුගේ පුත්‍ර ලෝරන්ස් ඔලිෆන්ට අවශ්‍යාව තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වැවිල්ල ආරම්භ කිරිමය. ඔවුන් තේ පැල 30ක් චීනයෙන් ගෙන්වීමත් සමගම මෙම තේ වත්ත ආරම්භ කරන ලදී. එහෙත් ඔවුන් බලාපොරොත්තු වු පරිදි සාර්ථක තේ වගාවක් ලබා ගත නොහැකි විය. 1876 දී ජේම්ස් ටෙලර් විසින් සාර්ථක ලෙස  තේ වගාවක් ආරම්භ කරන තෙක් එවකට සිටි කිසිවෙකුට හෝ සාර්ථක ප්‍රථිළුල ලබා ගත නොහැකිවිය.

සර් අන්ඩෘ ඔලිෆන්ට් 1830 දී ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන විනිශ්චයකාරතුමා වශයෙනී. 1830 වර්ෂයේදීම ඔහු නයිට් නම්බු නාමයෙන්ද පිදුම් ලැබුහ. 1841 දී ඔහුගේ බිරිද සහ පුතා ලෝරන්ස් ඔලිෆන්ට් ද ශ්‍රී ලංකාවට පැමිණියේය. 1851 දී ලෝරන්ස් ඔපිෆන්ට් නැවත එංගලන්තයට ගියේය.

1874 වන විට ඔලිෆන්ට් තේ වත්ත අක්කර 827 ක් දක්වා ව්‍යාප්තව තිබිණ. එහි ඒ වන විට අයිතිකරැ වුයේ හර්බට් බෲක්ස් සහ හෙන්ර් බෲක්ස්ය (Herbert and Henry Brooks).

ඕලිපන්ට් තේ කර්මාන්ත ශාලාව

ඕලිපන්ට් වත්ත

Comments

  1. විකිපීඩියා හා ගූගල් හරහා මේ ගැන තවත් බොහෝ දේ බලා ගත්තා.. සමහර කාල වකවානු ගැනනම් ගැටලුවක් තියෙනවා වගේ.. ස්තූතියි.

    ReplyDelete

Post a Comment