1959 දී නුවරළඑළියේ ඇති ඔලිෆන්ට් තේ වතු යායේ කොටසක්, එම තේ වත්තේ සේවකයන් වෙනුවෙන් බෙදා දෙන ලෙසට ඔලිෆන්ට් බාස්උන්නැහේ විසින් නුවරඑළියේ එවකට රජයේ ඉඩම් නිළධාරිතුමන්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඔලිෆන්ට් බාස්උන්නැහේ පසු කාලයේදී නුවරඑළිය ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වු විලියම් ප්‍රනාන්දු මහතාය. ඔහුගේ ඉල්ලීම පිට (1959 දී) තේ වත්තේ සේවකයන් හට එම ඉඩම් කොටස් ලබාදී එම ජනාවාසය "නුවරඑළිය - ශාන්තිපුර" ලෙසට නම් තබන ලදී.
එම ශාන්තා පුර ගම්මානයේ පසු කාලයකදී නුවරඑළිය ප්‍රාදේශිය සභාව විසින් නැරඹුම් අට්ටාලයක් ඉදි කර ඇත්තේ, සංචාරකයන්ට අවට හාත් පස ඇති මනරම්වු දර්ශනය නැරඹිම සදහාය.
ඡායාරූප 2014.04.15 දින.
| ශාන්තිපුර ගම්මානය |
| නුවරඑළිය නගරය |
| නුවරඑළිය නගරය |
| පිදුරුතලාගල කදුවැටිය |
| නුවරඑළිය නගරය |
| ගේගරි වැව, නුවරඑළිය නගරය සහ හග්ගල කදු වැටිය |
| ගේගරි වැව, නුවරඑළිය නගරය |
| පිදුරුතලාගල කන්ද |
| පිදුරුතලාගල කන්ද |
| ගේගරි වැව, නුවරඑළිය නගරය සහ හග්ගල කදු වැටිය |
| නුවරඑළිය නගරය |
| ශාන්තිපුර නැරඹුම් අට්ටාලය |
නියමයි ඉන්දික අය්යේ .....අපිට ගමේ දේවල් ගමේ ඉන්නකොට ලස්සනට පෙනෙන්නේ නැ වාගේ .මෙහෙම කියවන කොට තමයි සමහර තැන් ගැන දැන ගත්තේ .
ReplyDeleteස්තුතියි ඔබට දැනුවත් කිරීම ගැන ...දිගටම ලියන්න
අයියන්ඩි හෙට එනවා සියලුම ලිපි ටික කියවන්න..
ReplyDeleteඑල ද බ්‍රා
ඉන්දික අයියන්ඩි තමයි ඔත්තුව දුන්නේ.
ඉන්දික උපශාන්ත හරහා ඉන්දක කරුණාදාස වෙත ආමි.
ReplyDeleteඔබ කරන මෙහෙය අගෙයි. සියල්ල ඉඩ ඇති පරිදි බලමි. එක් කර ගතිමි.
සුභපැතුම් දිගු ගමනකට!
කෙටයෙන් හෝ පිළිතුරක් සැපයීම මා මෙන්ම මේ සහෘදයන් බලාපොරොත්තු වනු ඇත.
Deleteමමත් ඉන්දික උපශාන්තගෙ සැහැල්ලුව බ්ලොග් එකේ දාල තිබ්බ පෝස්ට් එක හරහා තමයි මේ පැත්තෙ ආවේ. ගොඩක් වැදගත් බ්ලොග් එකක්. හොඳ සේවයක් කරන්නෙ. ඉඩ තියෙන වෙලාවට අනිවා ඇවිල්ල බලනව. ජය වේවා!!!
ReplyDeleteමට අපේ සිංදු ඇනෝ මේ ලින්ක් එක දුන්නා. ඊයෙ මං ගොඩක් ලිපි කියෙව්වා. ඌවෙම ඉන්න අපිත් ඌවෙ නොදන්න තැන් කොච්චර තියෙනවද. ඊයෙ මම තීරණයක් ගත්තා, බොහොම ඉක්මනින් මේ හැමතැනම ගිහින් දැකබලාගන්න.
ReplyDeleteමාත් ආසම මාතෘකාවක් තමයි මේ වගේ සංචාරය පිණිස වැදගත් වෙන ලිපි. නිදහසේ කියවන්න ආයෙත් එන්නං.
ReplyDeleteබ්ලොගර් ෆලෝවර් එක දාන්න පුලුවන්නං වටිනව.
හම්මේ කියවන්න මහගොඩාරියක් ලිපි තියෙනව නෙව ඒව කියවන්න ඕන නිවාඩු පාඩුවෙ
ReplyDeleteඅහක යන්නෙ නැති විස්තරටිකක්
ශාත්තිපුර කියන්නෙ ලංකාවෙ උසිංම පිහිටි ගම්මානය නේද්
ඔව් ශ්‍රී ලංකාවේ ඇති උසම ගම්මානය ලෙසට දැනට නම් දරන්නේ මෙම ශාන්තිපුර ගම්මානයයි.
Deleteඉන්දක අඳුනා ගැනීමට ලැබීම සතුටක්.. සිංහයා (ඉන්දික ) ගේ සැහැල්ලුවට ස්තූතියි මේ සම්භන්දතාවය ලබා දුන්නට.. මේ ස්ථානය ඌවේ නොවුනත් ඌවට ඉතාම ආසන්නයි.. බදුලු බංඩාරවෙල ට්‍රිප් එන ගොඩක් දෙනෙකුගේ ඊලඟ නැවතුම හග්ගල හරහා නුවර එළිය නිසා මේ තොරතුරු තවත් වටිනවා.. ලිපි කියවන ගමන්ම දන්නා තොරතුරක් වෙතොත් එයත් එක් කරන්නම්.. ජය ශ්‍රී!
ReplyDeleteස්තුතියි
Deleteඉන්දිකගෙ ඔත්තුවට තමයි ආවේ, සංචාරක සටහන් නොවරදවාම කියවනව.
ReplyDeleteබ්ලොගර් ෆලෝවර් එක දාන්න පුලුවන්නං වටිනව. X 2