බේකර්ස් දිය ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පිහිටි හෝර්ටන් තැන්නේ පිහිටා ඇති ඉමහත් ප්‍රසිද්ධ දියඇල්ලකී. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 3 ක දුරින් බේකර්ස් දිය ඇල්ල පිහිටා ඇත. හෝර්ටන් තැන්න ප්‍රධාන පිවිසුමට ඔහිය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 13 1/2 කී. එසේම පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 14 කී.
බේකර්ස් දිය ඇල්ල මීටර් 20 ක් (අඩි 66ක්) උස් වන අතර වලවේ ගගේ ප්‍රධාන අතු ගංගාවක් වන බෙලිහුල් ඔය විසින් බේකර්ස් ඇල්ල නිර්මාණය කෙරේ. මෙම දිය ඇල්ල බ්‍රිතාන්‍ය ජාතික සර් සැමුවෙල් බේකර්ස් ගේ නාමයෙන් නම් කර ඇත්තේ මෙම දිය ඇල්ල ඔහු විසින් සොයාගත් නිසාය. මෙම දිය ඇල්ල සර් සැමුවෙල් බේකර්ස් විසින් සොයා ගෙන ඇත්තේ 1845 වර්ෂයේදීය.
| බේකර්ස් දිය ඇල්ල |
| බේකර්ස් දිය ඇල්ල |
| බේකර්ස් දිය ඇල්ල |
| බේකර්ස් දිය ඇල්ල |
| බේකර්ස් ඇල්ලට ඇති පිවිසුම් මාර්ගය |
| බේකර්ස් ඇල්ලට ඇති පිවිසුම් මාර්ගය |
| බේකර්ස් ඇල්ලට ඇති පිවිසුම් මාර්ගය |
| බේකර්ස් දිය ඇල්ලට ආසන්නයේ බෙලිහුල් ඔය |
| බේකර්ස් දිය ඇල්ලට ආසන්නයේ බෙලිහුල් ඔය |
| බේකර්ස් දිය ඇල්ල |
බුදු අම්මෝ මේකෙ වතුර වල සීතල.. මං හිතන්නේ අයිස් වලට වඩා පොඩ්ඩයි අඩු.. වතාවක් නාල ගල් බොතල් දෙක තුනකටවත් බැරි උනා හීතල මකන්න..
ReplyDeleteඉන්දක මට හැමදාම තියෙන ප්‍රශ්ණයක් තමයි මේ වතුර හෝටන් තැන්න මුදුනේ ඉඳල බෙලිහුල් ඔය තානායම තියෙන ස්ථානය දක්වා එන මාර්ගය මොකක්ද කියන එක.. මට හිතෙන්නේ නන් පේරියල් වත්ත පැත්තෙන් වෙන්ඩැති පහලට බහින්නේ.. ඒ කියන්නේ අතරමග අනිවාර්යෙන්ම තවත් සුන්දර දිය ඇළි කීපයක්ම නිර්මාණය වෙන්නෝනි..
කොහොමද වැරදිලාවත් මේ වතුර ටික ලෝකාන්තයෙන් පහලට බලංගොඩ පැත්තට හැරිල තිබ්බනම්.. එහෙනම් මට හිතෙන්නේ ලෝකයේ උසම දිය ඇල්ල වෙන්න තිබ්බා..
කමිය, ඕක ලෝකාන්තෙන් පහලට වැට්ටුවනං මරු තමා, ඒත් ලෝකාන්තෙ පැත්ත උසයිනෙ.
Deleteඔය වතුර පහලට එන්නෙ හෝටන් තැන්නෙ අතිශය පාළු සහ ඝන කැලේ විච්චි ගලගම පැත්තෙන්. ඒ මග තීනව ගලගම ඇල්ල. බේකර්ස් ඇල්ලට වඩා විසාල සහ සුන්දර උනාට ගමන් අපහසුව නිසා යන්නෙ නෑ. අන්න සෙට්වෙනවනං හයික්.
අපි එකපාරක් බේකර්ස්වල නාල එකෙක්ගෙ කකුලෙ බොරි ක්රෑම්ප් එකක් කියල ඌව උස්සගෙනම ආව බන් ඇල්ලෙ ඉඳල අපි හිටපු මහ එළියෙ ඩෝමට්රයිටම. ඌ අලිය වගේ, එපා උනා.
අපි එකපාරක් හෝටන් තැන්නෙදි වැස්සට අහුවෙලා පට්ට හීතලේ මර කට්ටක් කෑවෙ. නුවරඑලියට යනකොටත් වහිනව. රෑ නුවරඑළියෙ ඉඳල බෝතල් දෙකක් තුනක් විතර හිස් කරලත් හීතල ගියේ නෑ ඊට පස්සෙ දවසෙ තලවකැළේ හරියට යනකල්ම. හොඳම වැඩේ කියන්නෙ පහුවෙනිදත් රෑ දොලහට විතර නල්ලතන්නියෙන් නාපු එක.
Deleteඅපිනම් හෝටන් තැන්නට ගිහින් බිලා වනජීවී එකේ කට්ටියක් එක්ක සෙල්ලම් කරලා ආගරපතන පොලිසියටම ගියා කුසලානේ ගන්න ...හැක් හැක්
Deleteගෙදරට එනකොට පාන්දර 4යි .පොලිසියේ මහත්තුරු අපිට පුදුම ආදරෙන් කතා කරලා යන්න කිවා ...(එතනට යන්න කලින් අපි හැමෝටම කතා කරලා වැඩේ ගොඩ දාලා තිබුන නිසා .හැක් හැක් )
බොට කියන්නෙ අපි එකපාරක් ඕකෙ සර්කිට් එකක් බුක් කරගෙන ඉඳල රෑ බීල කට්ටිය හතර අතේ දුවන්න පටං අරගෙන අන්තිමට වනජීවී එකේ ජිප් එකක් ඇවිල්ල බැනල එලෙව්වෙ. උදේ තමයි කල්පනා උනේ යකෝ අර හෙන අගල් කපල තිබ්බ එකේ කොහොම දිව්වද කියල.
Deleteමම සදු එක්ක යාලුවෙලා ඉන්නකොට ගිහින් සදු තමයි සිගරට් 5කුයි ගිනි පෙට්ටියකුයි ඇතුලට ගිහින් දුන්නේ
Deleteඋඔලා යනවා නම් මාවත් අරන් පල..
Deleteඉන්දක, මේවාට රෝඩ් මැප් එකකුත් එකතු කරමුද? එහෙම වුනොත් ලිපියේ වටිනාකම වැඩි වෙයි නේද?
ReplyDeleteස්තුතියි ඔබගේ වටිනා අදහසට, ඉදිරියේදී මාර්ග සිතියම් ලිපි සදහා එකතු කිරිමට කටයුතු සලස්වන්නම්.
Deleteබෙලිහුල් ඔය දැනුත් අැස ගැටෙන මානයේ ඉන්න්........... අැත්තට ම ඒන්නේ ඔතන ඉදලානේ නේද???????
ReplyDeleteමේකේ එක දවසක් හරි නාලා නැත්තම් වැඩක් නෑ ,
ReplyDeleteමේකේ එක දවසක් හරි නාලා නැත්තම් වැඩක් නෑ ,
Delete+++++++++++++++++++++++++++++++
ඔතැන නැවාම ශරීරයේ සමහර අවයව හොයාගන්න දවසක් විතර යනවා .... හැක් හැක්
ගල් බෝතලයක් ගොඩ තියලා නාපං
Deleteසින්දුවෝ මචං..තියන දෙයක් තමයි නැති වෙන්නේ...නැති දෙයක් හොයන්න කොහොමද? උඔ බය නැතුව නාපං ඉවාන්
Deleteහුකැස් ....අයි බන් ඉවන්ට බය නැතිව නාන්න කියන්නේ .උගේ නැතිවෙන්න දෙයක් නැද්ද ? :D
Deleteලෝකාන්තේ යද්දී හැමදාම යන තැනක් අපූරු කතා ගොඩක් තියෙනවා මේ හා බැඳුනු
ReplyDeleteමාත් කීප පාරක්ම ඔතනට ගිහිල්ල තියෙනව. ඇත්තටම අර කිවුව වගේ ඔය වතුර බෙලිහුල්ඔයට එන්නෙ කොහොමද කියන එකනං හොයන්න වටින වැඩක් තමයි.
ReplyDeleteකොමෙන්ට් වලට පිළිතුරු සැපයීමට සුලුවෙන් හෝ උත්සාහයක් ගන්නේනම් අගනේය.
Deleteප්‍රසා, මේක බෙළිහුල් ඔයට එන්නෙ කොහොමද කියල බලන්න දෙයක් නෑ, මේක බෙළිහුල් ඔයම තමා. පටන්ගන්නෙ හෝටන් තැන්නෙ කළුපාළමට උඩහ තීන පඳුරු අස්සෙන්.
Deleteකොමෙන්ට් වලට පිළිතුරු සැපයීමට සුලුවෙන් හෝ උත්සාහයක් ගන්නේනම් අගනේය.+++++++++++++
කොමෙන්ට් වලට පිළිතුරු සැපයීමට සුලුවෙන් හෝ උත්සාහයක් ගන්නේනම් අගනේය.
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ඉන්දික අය්යේ කලින් කොමෙන්ට් වැටුනේ නැති නිසා තවම පුරුදු නේ වාගේ .හැක් හැක්
මමත් ලංකාවේ ආසම තැනක්..
ReplyDeleteකමෙන්ට් වලට පිලිතුරක් දෙනවා කියන්නේ කියවන අපිට ලොකු දෙයක්
නිකම් බැදපු මාළුයි ගල් බෝතලෙයි වගේ නේද මචෝ ...
Deleteමැප් එක තිබුනනම් ගොඩක් හොදයි. දාල තියෙන විස්තර ටික වටිනවා. මැප් එකත් දාන්න.
ReplyDelete