බදුල්ල-මහියංගන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති පැරණි ගම්මානයකී, තල්දෙණ. තල්දෙණ ගම්මානය ආසන්නයේ බදුල්ල-මහියංගන මාර්ගයේ පිහිටා ඇති ඉපැරණි පාලමකී, තල්දෙණ යකඩ පාලම. මෙම පාලම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදි කරන ලද්දක් වන අතර එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකර සර් වෙස්ට් රිජ්වේ විසින් විවෘත කරන ලද්දකී. ( වර්තමානයේ (2014 දෙසැම්බර්) මෙම පාලම ආසන්නයේ රථ වාහන ධාවනය සදහා අලුතින් වෙනත් පාලමක් ඉදි කර ඇත්තේ පැරණි පාලම ඒ ආකාරයටම ඉතිරි වන්නටය).
| තල්දෙණ යකඩ පාලම |
| තල්දෙණ යකඩ පාලම |
| තල්දෙණ යකඩ පාලම |
| තල්දෙණ යකඩ පාලම |
අවුරුදු 116 ක් නේ? දැන් හැදෙන එව්වා තියෙන්නේ දවස් 116 යි.
ReplyDeleteසමහර ඒව විවෘත කරන්නත් ඉස්සෙල්ල කඩාගෙන වැටෙනව.
Deleteඒ වගේම පාළමක් මේ මං ඉන්න ප්‍රදේශයේ ආසන්නයේම තියෙනවා. ඔබ දන්නවා නේද, බදුල්ල මහියංගණ මාර්ගයේ 16කණුවෙ ගඩුගුඩා ඔයේ යකඩ පාළම? එතන නම් අලුතින්ම පාළමක් හැදුව අලුතින්, පරණ එක අයින් කරලම දැම්මා.
ReplyDeleteදැන් නම් බදුල්ලේ එන්නම වෙනවා..
ReplyDeleteඑල ද බ්‍රා..
බදුල්ලේ ඉදලා කොච්චර දුරද?
පැත්ත පළාතේ එන්න එපා , අඬු කඩනවා ...
Deleteවිහිළුවක් කලේ , වරෙන් වරෙන්
මෙන්ඩා.. එනවනම් කලින් කියල වරෙන්.. බදුල්ලේ ඉඳල කි.මි. 10-12ක් ඇති.. දැන්නම් විනාඩි දහයන් පාලොහෙන් යන්න පුළුවන් පාර හදපු නිසා දුන්හිඳ පහුවෙලා පොඩි දුරයි.. ඉස්සර මට මතකයි වාහන දෙකක් සෙට් උනොත් එකක් නවත්තගෙන ඉන්නෝනෙ අනිත් පැත්තෙ එකක් මෙගොඩ එනකම්.. පරණ පාලම ඉතුරු කරපු එකනම් ලොකු දෙයක්.. තල්දෙන තියෙන අනිත් විශේෂත්වය තමයි තරුණ වරදකරුවන්ගේ සිර කඳවුර.. මේක ගැනත් ඉන්දක ලියයි මං හිතන්නේ දවසක..
ReplyDeleteසැහැල්ලුව බ්ලොග් අඩවියෙන් තමයි මේ අඩවිය ගැන දැනගත්තේ.
ReplyDeleteමා බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහිම සේවයේ (යුද හමුදාව) යෙදී තිබෙනවා. ඔබේ අඩවියේ සඳහන් බොහෝ ස්ථාන මා නරඹා තිබෙනවා. මෙහි සඳහන් පාලම 1988 - 89 කාලයේදී ආරක්‍ෂා කරගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් යොදා තිබුනා. විශාල සැකයක් තිබුනා රාජ්‍ය විරෝධීන් මේ පාලම පුපුරවා දමනු ඇතැයි කියා.
ඔබ ඉතා වටිනා ඓතිහාසික තොරතුරු ඇතුලත් ලිපි ලිවීම අගය කරනවා.
මහියංගන පාරෙ ගිහිල්ල තියෙන්නෙ ටික කාලෙකට ඉස්සර හින්ද ඒ පාරෙ මොනව තිබුණද කියල මතක නෑ දැං.
ReplyDeleteමොනව උනත් පරණ පාලම ඉතුරු කරපු එකනං ලොකු දෙයක්.
මේ පාලමේ එක සැරේ වාහන දෙකකට මාරු වන්න බැරි නිසා තමයි අලුත් පාලම හැදුවේ , නඩත්තු කටයුතුත් කීප වතාවක්ම කලා , මේ පාලමේ ඉඳන් බදුල්ල පැත්තට වෙන්න ලඟින්ම තියෙන පන්සලේ තමයි දීපිකා ප්‍රියදර්ශනීගේ " බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවාගන්න " සින්දුවේ පලවෙනි විෂුවල් එක කලේ
ReplyDeleteමේව දියුණු රටවල නම් සංරක්ෂ්ණය කරල තිය්නව ලස්සනට. අපි තාම දියුණුවෙන රටක්නෙ.
ReplyDelete