චන්ද්‍රකාන්ත පාෂාණය - මිහින්තලය

චන්ද්‍රකාන්ත පාෂාණය
 රන් වැටකින් වට කොට තිබේ.
සතර බුදු වරයාණන් වහන්සේලාගේම පාද ස්පර්ෂ ලත් ශිලා පලකයකී, මිහින්තලේ පිහිටි මෙම වන්ද්‍රකාන්ත පාෂාණය. එය රාත්‍රි සද රැසින් (රාත්‍රි ආලොකයෙන්) බැබලේ. ඒ නිසා එයට චන්ද්‍රකාන්ත පාෂාණය යැයි භාවිතා කරයි.

දේවානම්පියතිස්ස රජු
මෙම චන්ද්‍රකාන්ත පාෂාණය මතට මිහිදු මහරහතන් වහන්සේ, ශ්‍රී ලංකාවට වැඩිය ගමනේදී වැඩි සේක. එනම්, දේවානම්පියතිස්ස රජු මිහින්තලේදී මිහිදු මහා රහතන් වහන්සේව හමුවු ස්ථානය මෙයයි. මෙම චන්ද්‍රකාන්ත පාෂාණයට මදක් ඉදිරියෙන් චෛත්‍යය දෙසට වැදගෙන සිටින රාජ රුවකී. ඒ මිහිදු මහා රහතන් වහන්සේව රජුට හමුවන විට රජු සිටි ස්ථානයයි.

චන්ද්‍රකාන්ත පාෂාණය රන් වැටකින් වට කොට තිබේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.04.08 දිනයි.

Comments