කඩුගන්නාව දුර්ගය පසු කර A-1 මහා මාර්ගය කඩුගන්නාවට ලගාවේ. කොළඔ සිට කඩුගන්නාවට A-1 මාර්ගයේ දුර කිලෝමීටර් සියයකී.
ශ්රී ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් එඩ්වඩ් බාන්ස්ගේ කාලයේදී කපිතාන් විලියම් ෆන්සිස් ඩෝසන්ට කොළඔ සිට මහනුවර දක්වා මාර්ගයක් ඉදි කරන ලෙසට නියම කරනු ලැබුහ. එහෙත් මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ ආණ්ඩුකාර සර් රෝබට් හෝර්ටන්ගේ කාලයේ 1820 දී ය. එහෙත් මාර්ගයේ වැඩ කටයුතු සිදු කරමින් පවතින අතරතුර 1829 යේ මාර්තු මස 28 දින කපිතාන් විලියම් ෆන්සිස් ඩෝසන් මියගියේය. එසේ මිය යාමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නයෙකු දශ්ඨ කිරිම බව පැවසේ. එනමුත් 1831 වන විට කොළඔ සිට මහනුවර දක්වා මාර්ගයේ වැඩකටයුතු නිම කර ප්රථම තැපැල් අශ්ව කෝච්චිය ද ධාවනය කටයුතු ආරම්භ කෙරිනි.
කපිතාන් විලියම් ෆන්සිස් ඩෝසන් සිහිවීම පිණිස අඩි 125 ක් උසැති (මීටර් 38 ) සිහිවටන කුළුනක් ඉදි කර ඇත්තේ කඩුගන්නාවේය. ඒ A-1 මාර්ගයේ කිලෝමීටර් 100 කණුවට මදක් ඉදිරියෙනි. එය ශ්රී ලංකාවේ පිහිටා ඇති උසම සිහිවටන කුළුනයි. එහි අභ්යාන්තරයේ දැව පඩි 100 (112) නැගීමෙන් පසු කුළුණ මුදුනට නැගීය හැක.
එසේම එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා සැමරීම සදහා ද ඉදි කරනු ලැබු කුළුණත් (පිහිටා ඇත්තේ එංගලන්තයේ හයිඩ්පාක් හි) කැප්ටන් ඩෝසන් කුළුණටත් මුල් ගල් තබා ඇත්තේ එකම දිනයකයි.
කැප්ටන් ඩෝසන් කුළුණේ ඉදි කිරීම් සම්බන්ධයෙන් මුලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මේජර් ස්කිනර්ය.
ඡායාරූප ගන්නා ලද්දේ 2015.05.21.

https://en.wikipedia.org/wiki/William_Francis_Dawson
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Dawson_Tower
http://discover-srilanka.blogspot.com/2011/02/sri-lanka-monuments-captain-dawson.html
http://www.sundayobserver.lk/2011/06/26/jun05.asp
Thank You, Jean Guwan Comney.
Delete