රේල් වෙඩි යනු දුම්රිය මාර්ගයේ, දුම්රිය පීල්ලට සවි කරනු ලබන වෙඩි විශේෂයකී. මෙම වෙඩි වෘතාකාර හැඩයක් ගන්නා අතර මේවා දුම්රිය මාර්ගයේ සේවයේ නියුතු ජංගම මුරකරු වෙත ලබාදී ඇත. ජංගම මුර කරු සතුව ඇති උපකරණ බටයේ මෙම වෙඩි අඩංගුය. ජංගම මුරකරු දවසේ පැය 24 පුරාම දුම්රිය මාර්ගය නිරන්තරයෙන් පරික්ෂාවට ලක් කල යුතුය. දුම්රිය මාර්ගයට යම් කිසි අනතුරක් සිදුවිය හැක. ගසක් කඩා වැටීම, ගල් පෙරලීම, නායයැම, ආදිය, නිසා මාර්ගය අවහිර විය හැක. එවන් අවස්ථාවලදී දුම්රිය නතර කර ගැනීම සදහා මෙම රේල් වෙඩි හෙවත් පිලි වෙඩි භාවිතයට ගන්නේය.
අනතුරක් ඇති ස්ථානයට කිලෝමීටර් 1/2 ක දුරින් දුම්රිය එන දිශාවේ රියදුරු සිටින පැත්තේ (වම් පැත්ත) මෙම පිලි වේඩි බදිනු ලැබේ. එසේ බදිනු ලබන පිලිවේඩි දුම්රිය රෝදයේ බර සහ පීඩනයට පුපුරා ශබ්දයක් පිටවේ. එයින් දුම්රියේ රියදුරු යම් බාධකයක් ඉදිරියෙන් ඇති බව දැනගෙන දුම්රිය නතර කරනු ලැබේ.
1841 දී ඉංග්රිසි ජාතික එඩ්වඩ් ඇන්ෆඩ් කවුපර් (Edward Alfred Cowper) විසින් රේල් වෙඩි මුල් වරට සොයාගෙන නිෂ්පාදනය කරන ලද්දේය.
ඇම්රිකාවේ ඇති රේල් වේඩි හතරැස් හැඩයක් ගන්නා අතර එය එරට Torpedo යන නමින් හදුන්වනු ලැබේ.
ඉහත කී පරිදි මෙම දුම්රිය වෙඩි දුම්රිය මාර්ගයේ සේවසේ නියුතු දුම්රිය මාර්ග ජංගම මුරකරුට අමතරව 1. යතුරු කරු 2. දුම්රියේ රියදුරු සහ 3. දුම්රියේ සිටින ගාර්ඩ් වරුන් දෙදෙනාටද ලබාදී ඇත. දුම්රියේ රියදුරුට සහ හාර්ඩ් වරුන්ට ලබාදී ඇත්තේ තමා සේවය කරන දුම්රියට හෝ දුම්රිය මාර්ගයට (පීලි පැනිම වැනි) අපදාවක් සිදුවුව හොත්, මාර්ගයේ යම් හේතුවක් නිසා ටැබ්ලට් රහිතව පැමිණිය හැකි ඩක්කු, රේල් බස් හෝ දුම්රිය, අනතුර සිදුවී ඇති ස්ථානයට ලගාවීම වැලැක්වීම සදහාය.

| රේල් වෙඩි - Railway Detonators |
| රේල් වෙඩි, දුම්රිය පීල්ලට සවි කරන ආකාරය |
| රේල් වෙඩි, දුම්රිය පීල්ලට සවි කරන ආකාරය |
Ada tama denagatte mehema deyak gana.
ReplyDeleteසිරාවටම අහලවත් නෑනෙ
ReplyDeleteමේ ක්රමය තාමත් පාවිච්චි වෙනවාද? මෙච්චරකල් මෙහෙම දෙයක් අහලවත් තිබුනේ නෑ. අවුරුදු කාලෙට කොල්ලෝ පීලි උඩ චීන පටස් තියනවා ඇරෙන්න.
ReplyDeleteඑහෙම හදිසි අවස්ථාවක් ආවාම රතු කොඩියකින් හෝ වෙන විදිහකින් සංඥා නොකර මේ වගේ දෙයක් කරන්නේ ඇයි.
ඔව් මෙම ක්රමය අදටත් ශ්රී ලංකාවේ භාවිතයට ගන්නවා. එමෙන්ම සමහර රට වලත් මෙම ක්රමය භාවිතයට ගන්නවා. සමහර අවස්ථාවක දුම්රිය මාර්ගයේ දි රියදුරුට රතු කොඩිය නෙපෙනිය හැක. (රියදුරුට හෝ සහයකට නින්ද ගොස් සිටිය හැක). එහෙත් වෙඩිය පුපුරන ශබ්දය වඩාත් නිවැරදිය. කෙසේ වෙතත් මා මේ පිළිබදව වැඩි දුර තොරතුරු සොයා ගෙන කොමේන්ටුවක් වශයෙන් ඉදිරියේදී සටහන් කරන්නම්.
Deleteඅදමයි දැනගත්තේ ඉන්දික අය්යේ ..
ReplyDeleteබොහොම ස්තුතියි
පොඩි ලිපියක් වුණත් බොහොම වැදගත් තොරතුරක්. ස්තූතියි ඉන්දක!
ReplyDeleteමේක දැක්ක බර ගනන්වල පත්තරේක. කොච්චියට බෝම්බ තියන්නා ද මොකද්ද හෙඩිමක් යටතේ විස්තර කරල තිබුනෙ. වෙඩි නං දැක්කෙ අද
ReplyDeleteමේ ගැන ඇහුවෙ අදමයි... ස්තුතියි..
ReplyDelete