සදගිරිය දාගැබ තිස්සමහාරාමයේ පිහිටා ඇති තිස්සමහාරාම දාගැබට යාබදව තිස්සමහාරාම වැවේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා ඇති ඉපැරණි දාගැබකී. මෙම දාගැබ ඉදිකර ඇත්තේ රුහුණේ රජ කල කාවන්තිස්ස රජතුමා හෝ මහානාග රජතුමා විසින් බව පැවසේ. පළමු වන විජයබාහු රජු (1055 - 1110) විසින් මෙම දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම දාගැබ ආසන්නයේ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රෝපණය කර ඇති බෝධිඝරයක න්‍යෂ්ඨාවශේෂ පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ඒ ආසන්නයේ සෙල්ලිපියක්ද සොයා ගෙන ඇත. සදගිරිය දාගැබ මීටර් 55ක් උස්වන අතර මීටර් 165 ක පරිධියකින් යුක්තයි.
ඡායාරූප 2014 අගෝස්තු
Comments
Post a Comment