තිස්සමහාරාම ප්‍රදේශය බෞද්ධ, අබෞද්ධ දේශිය විදේශිකයන් අතර ඉතා ජනාදරයට පත් සංචාරක ප්‍රදේශයකී. තිස්සමහාරාම ප්‍රදේශයේ පැරණි මාගම් රාජධානියට අයත් පුරා වස්තුන් රාශීයකී.
තිස්සමහාරාම ප්‍රදේශයේ ඇති විශාලතම දාගැබ තිස්සමහාරාම දාගැබයි. එය මීටර් 55.8 ක් (අඩි 186 ) උස් වන අතර මීටර් 165 ක (අඩි 550 ක) පර්ධියකින් (වට ප්‍රමාණයකින්) යුතු වු දාගැබකී. මෙම දාගැබ සීනුවක හැඩය ගනියි. එසේම තිස්සමහාරාම දාගැබ සොලොස්මස්ථාන වලට ගැනෙන ස්ථානයකී. තිස්සමහාරාම දාගැබ දුටුගැමුණු රජුගේ පියාවු කාවන්තිස්ස රජු (161-137 ක්‍රි.පු.) විසින් සදන ලද්දකී. බුදුන් වහන්සේ්ගේ ලලලාට ධාතුන් වහන්සේ මෙහි තැම්පත් කර ඇති බව පැවසේ. 10 වන ශත වර්ෂයට අයත් කිරින්ද ශිලා ලේඛනයේ බුදුන්ගේ වම් යටි දළදාව තිස්සමහාරාම දාගැබහි නිදන් කර ඇති බව සදහන්ය.
බුදුන් වහන්සේ තුන්වන වර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම දාගැබ ඇති ස්ථානයේ සමාධියෙන් ගතකර ඇති බව පැවසේ.
තිසිසමහාරාම දාගැබ වරින් වර අළුත්වැඩියා කර ඇති අතර අවසන් වරට 1990 දී අළුත්වැඩියා කර ඇත.
බුදුන් වහන්සේ තුන්වන වර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙම දාගැබ ඇති ස්ථානයේ සමාධියෙන් ගතකර ඇති බව පැවසේ.
තිසිසමහාරාම දාගැබ වරින් වර අළුත්වැඩියා කර ඇති අතර අවසන් වරට 1990 දී අළුත්වැඩියා කර ඇත.

සීනුවක හැඩය කියන්නෙ ඝඨාකාර(ඝණ්ඨාකාර) යන්න නේද
ReplyDelete