පොළොන්නරුව පැරණි නටඹුන් අතර තිවංක පිළිමගේ දෙසට යන මාර්ගයේ දකුණු අත දිශාවට ඇති මාර්ගය විහිදි යන්නේ දෙමළ මහා සෑයටයි. දෙමළ මහා සෑය මහා පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් බව පැවසේ. මෙම දාගැබ ලංකාවේ මෙන්ම ලෝකයේ දැනට ඇති විශාලතම දාගැබ බව පැවසේ මහා පරාක්‍රමබාහු රජතුමා දෙමළ සිරකරුවන් යොදාගෙන මෙම දාගැබ ගොඩ නගා ඇති බව වංශකතා වල සදහන්ය. එහෙත් මෙම දාගැබේ කටයුතු සම්පුර්ණයෙන්ම නිම නොකර හෝ පේසා වලලු තුනෙන් පසු දාගැබ සමතලා කර එහි මධ්‍යයේ කුඩා දාගැබක් ඉදි කර ඇත. දැනට (2015 මැයි මස) මෙම චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවති.
ඡායාරූප 2015.05.19 දින
| දාගැබ සමතලා කර එහි මධ්‍යයේ කුඩා දාගැබක් ඉදි කර ඇත |
| මධ්‍යයේ ඇති කුඩා දාගැබ |
| මධ්‍යයේ ඇති කුඩා දාගැබ |
| මධ්‍යයේ ඇති කුඩා දාගැබ හා වැවි ඇති විශාල ගස් |
| චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු |
| චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු |
| චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු |
Comments
Post a Comment