උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය බිංග 45 ක් ඇති අතර ඒවායෙන් අංක 22 දුම්රිය බිංගයේ සිට අංක 43 දුම්රිය බිංගය දක්වාම තොරතුරු හා ඡායාරූප විටින් විට මෙම බ්ලෝග් අඩවියේ පල කර ඇත.
අද උඩරට දුම්රිය මාර්ගයේ අංක 18 දරණ දුම්රිය බිංගය පිළිබදව තොරතුරු ටිකක් විමසා බලමු. මෙම දුම්රිය බිංගය පට්ටිපොල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත.
මෙම දුම්රිය බිංගයෙහි දිග මීටර් 321.95 ක් වන අතර උඩරට දුම්රිය මාර්ගයේ හතරවන දිගම බිංගයයි. (දිගම බිංගය අංක 14 දරණ සිංගිමලේ දුම්රිය බිංගයයි. එය මීටර් 559.75 ක් දිගුවේ. දෙවන දිගම බිංගය අංක 5 එ් දරණ මියන්ඇල්ල බිංගයයි. එය මීටර් 419.9 දිගය. එසේම අංක 09 දරණ මොරගොල්ල දුම්රිය බිංගය දිග මීටර් 359.74 වන අතර එය තුන්වන ස්ථානය ගනියි.)
අංක 18 දරණ මෙම දුම්රිය බිංගය කිහිප අතකින්ම වැදගත්වේ. මෙම දුම්රිය බිංගය මධ්‍යය හරහා ඌව සහ මධ්‍යම පලාත් මායිම් පිහිටා තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම් ද එහිම පිහිටා ඇත. එසේම බිංගයේ එක් මුහුණතක් (පට්ටිපොල දෙසට) ඇත්තේ කදුකර තෙත් කලාපයේ වනාන්තර වන අතර අනෙක් මුහුණත (ඔහිය දෙසට) ඇත්තේ කදුකර වියලි කලාපයටයි.
මෙම දුම්රිය බිංගයේ අභ්‍යායන්තරයට 1951 දී කඩා වැටී ඇති අතර එය වරින් වර ප්‍රතිසංස්කරණය කරත් එය ස්ථීර විසදුමක් බවට පත් නෙවුනු නිසා දුම්රිය මාර්ගයේ පට්ටිපොල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරිමට බලධාරින් තීරණය කරන ලදී.
එහෙත් ජන විශ්වාසයන්ට අනුව මෙම බිංගය මධ්‍යයෙන් කතරගම දේව අඩවිය සහ සමන් දේව අඩවිය වෙන් වන බැවින් දෙවියන් හට භාරයක්වී බිංගය ආසන්නයේම දේවාලයක් සහ බුදු මැදුරක් ඉදි කර එම වතාවත් සිදුකර නැවත අංක 18 බිංගය ප්‍රතිසංස්කරණය ආරම්භ කරන ලද අතර ඉව් පසු බිංගය සදහා කිසිදු උපද්‍රවයක් මෙතෙක් සිදුවී නැති බව පැවසේ.
ඡායාරූප 2015.06.06 දින

| අංක 18 දරණ දුම්රිය බිංගය (පට්ටිපොල දෙසට මුහුණත) |
| අංක 18 දරණ දුම්රිය බිංගය |
| අංක 18 දරණ දුම්රිය බිංගය (ඔහිය දෙසට මුහුණත) |
| බිංගය ආසන්නයේ ඇති බුදු මැදුර සහ කෝවිල/ දේවාලය |
| දුම්රිය මාර්ගය |
| දුම්රිය නිල නිවාස |
| දේවාලය ආසන්යේ ඇති ලිද |
| දේවාලයට පිවිසීම |
| බිංගය ආසන්නයේ ඇති උල්පත |
| බිංගය තුල ඇති කිලෝමීටර් කණුව |
Comments
Post a Comment