කොඩිගල මුර අට්ටාලය - ගාලු කොටුව - ගාල්ල

ගාල්ල කොටුවේ ඇති මුස්ලිම් දේවස්ථානය පසු කර රැම්පට් වීදියේ ඉදිරියට යනවිට වම් අත පැත්තේ කොඩිගල මුර අට්ටාලය හමුවේ. 1733 දී ඔලන්දයන් විසින් මෙහි කොඩිගසක් පිහිටුවා තිබි ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී එනම් 1848 දී මෙම ස්ථානයේ දැවයෙන් ප්‍රදීපාගාරයක් ඉදිකර තිබුණේ යැයි පැවසෙන අතර, එය ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම ප්‍රදීපාගාරය බවද පැවසේ. එම ප්‍රදීපාගාරය 1930 දී ගින්නකින් විනාශවී ඇත.
ඡායාරූප 2014.08.12




Comments